Skip to main content

Arduino Programming Part 28


Wi-Fi Development Boards


අද අපි කතා කරන්න යන්නෙ Wifi සම්බන්ධ කරල එහෙමත් නැත්තන් Internet එකත් එක්ක වැඩ කරන. Embedded System එකක් නිර්මාණය කරද්දි අපිට අවශ්‍ය වෙන Development Board වර්ග 3ක් ගැන. ඇත්තටම කිව්වොත් අපි IoT සදහා පළවෙනි පියවර අද තියනව කිව්වොත් හරි.

මුලින්ම කියන්නම්කො අර මුලින් කිව්ව Embedded System එහෙමත් නැත්තන් නිහිත පද්ධතියක් කියන්නෙ මොකක්ද කියල.


නිහිත පධතියක් කියන්නෙ වෙනත් පධතියක් ඇතුලෙ තියන Computer System එකකට.
උදාහරණ විදිහට Car එකක Auto Brack System එකක්, Quardcopter Control System එකක් වගේ දේවල් ගන්න පුලුවන්. ඉතින් අපි මෙච්චර දවසක් පාවිච්චි කරපු Arduino ඉස්සරහට ව්හාවිතා කරන්න යන IoT Device ඒවගේම Raspberry Pi වගේ ඒවත් Embedded System වෙනව.

හරි අපි මාතෘකාවට එමු. අපි මේ වගේ Embedded System එකක් හදද්දී අපිට Wifi Network එකක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙන්න පුලුවන්. ඒ වගේම තමයි Internet එකට සම්බන්ධ කරල වැඩ කරන්න සිද්ධ වෙන්න පුලුවන්. ඉතින් ඒ වගේ වැඩවලට Use කරන්න පුලුවන් Device 3ක් ගැන තමයි අපි කතා කරන්න යන්නෙ. මේ 3ම base වෙලා තියෙන්නෙ esp8266 කියන chip එක මත. ඒ තමයි,
      
                       1) atmega328 + esp8266 Development Board :- http://scionelectronics.com/product/uno-wifi-r3-atmega328p-esp8266-32mb-memory-usb-ttl-ch340g-compatible-uno-nodemcu-wemos-esp8266/
                      
                       2) Nodemcu :- http://scionelectronics.com/product/nodemcu-lua-cp2102-esp8266-wifi-internet-development-board-module/
                      
                       3) Wemos D1 Mini :- http://scionelectronics.com/product/wemos-esp8266-esp-12-d1-mini-wifi-development-board/

atmega328 + esp8266 Development Board





මේ Development Board එකේ විශේෂත්වය තමයි atmega328p Microcontroller  එකයි esp8266 chip එකයි කියන දෙකම Inbuild ම මේ Development Board එකේ පිහිටන එක. 



ඉතින් ඔයාට අවශ්‍ය නම් මේ Develop Board එක Arduino Uno R3 Board එකක් විදිහට වගේම Esp8266 Development Board එකක් විදිහටත් වෙන වෙනම භාවිතා කරන්නට පුලුවන්.

ඔයාලට බලාගන්න පුලුවන් මේ Board එක මැද්දෙ තියන dip Switch එක. ඉතින් මේ dip Switch Change කරල මේ Board එක එක Status වලට මාරු කරන්න අපිට පුලුවන්.


ඒ කියන්නෙ ඔයාට අවශ්‍ය නම් මේ Board එක Arduino Uno එකක් විදිහට use කරන්න , එහ්‍ර්මත් නැත්තම් ඔයාට අවශ්‍ය නම් esp8266 විදිට Sketch Upload කරන්න, එහෙමත් නැත්තන් ඔයාට ඕනෙ නම් esp8266 Communication Status එකේ තියන්න ඔයාට පුලුවන්  රූපයේ තියන විදිහට මේ Dip Switch Change කරගන්න.


මේ Development Board එකේ සාමාන්‍යය Arduino Uno Board එකක වගේම atmega328p Microcontroller එකට අදාල Pin ටික පිහිටලා තියනවා. ඒ වගේම රූපයේ විදිහට esp Pin ටික පිහිටලා තියනවා.


8MB Flash Memory මේ Development Board එක සමන්විතයි. ඒ වගේම 5v සහ 3.3v Pin වලින් 800mA ධාරාවක් ලබාගැනීමේ හැකියාවක් තියනව. ඔයාලට මතක ඇති Arduino Uno වගේ Board එකක් නම් ඔය ධාරාව ගොඩක් අඩුයි කියල.


ඉතින් ඇත්තටම ගොඩක් බලසම්පන්න Development Board එකක්.ඔයාගෙ IoT Project එකට වගේම Wifi සම්බන්ධ Project එකකටත් ඉතාම හොද උපාංගයක් තමයි මේ atmega328 + esp8266 Development Board එක. ඔයාටත් Scion Electronics එකෙන් Warranty එකක් එක්කම මේ Development Board එක මිළදීගන්න පුලුවන්.


Nodemcu


Nodemcu එක කියන්නෙත් esp8266 Base උන Development Board එකක්. හැමෝම මේ ගැන නම් මේ වෙද්දී දන්නව.  මේ Nodemcu කියන්නෙ Open Source IoT Platform එකක්. 4MB Memory එකකිනුත් මේ Nodemcu එක සමන්විත වෙනව.
Digital Pin 13ක් වගේම එක Analog Pin එකකුත් අපිට මේකෙදි දැකගන්නට පුලුවන්.

වැඩ ගොඩක් කරන්න පුලුවන් Powerful Development Board එකක් විදිහට Nodemcu එක හදුන්වා දෙන්න පුලුවන්. මේ එක එක Development Board ගැන ඉස්සරහදි අපි තව ගැඹුරට කතා කරමු.

Wemos D1 Mini


Wemos D1 Mini කියන්නෙත් esp8266 Wifi chip එක Base උන Development Board එකක්. මේකෙදි Digital Pin 9ක් වගේම Analog Pin එකකුත් අපිට දැකගන්නට පුලුවන්.

මේකෙදිත් 4MB Flash Memory එකක් එනව. ඉතින් මේ Wemos D1 Mini කියන්නෙත් ගොඩක් Powerful පොඩ්ඩෙක් කිව්වොත් හරියටම හරි.

අපි මේව ගැන ඉස්සරහදි ගොඩක් ගැඹුරට කතා කරමු.

ඒ වගේම තවත් දෙයක් කියන්නම්. ඔයාට ඕනෙම Arduino Component එකක් ලන්කාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ SLIT Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ Shop තියනව. ඔයාට Warranty එකක් එක්කම අපි කතා කරපු Development Board 3ම මිළදීගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය කරන ඕනෙම Arduino Component එකක් වගකීමක් එක්කම ගන්න පුලුවන් එකම තැන Scion Electronics (scionelectronics.com)



Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12