Skip to main content

Part 20 - Flame Sensor


Flame Sensor


Present by :- Yasas Sadeepa

පොරොන්දු උනා වගේම අද අපි කතා කරන්න යන්නෙ ආඩුඊනෝ භාවිතයෙන් Fire Alarm System එකක් හදාගන්න විදිහ…

මුලින්ම කියන්නම් මොනවද  මේ Fire Alarm System එකක් හදන්න අපිට අවශ්‍ය වෙන්නෙ කියල ...



3) Arduino board එකක් :-  http://scionelectronics.com/product/arduino-nano-v3/

මේ බඩු ටික මම ගත්තෙ Scion Electronics එකෙන්. ඔයාලටත් Warranty එකක් එක්කම Arduino Parts වගේම අනිත් Electronic Parts ගන්න පුලුවන් තැනක්.

අපි මේකෙදි Flame එක detect කරගැනීම සදහා භාවිතා කරන්නෙ flame sensor එක. (2 රූපය)

මේ Flame sensor එක LM393 ic එක මගින් බල ගැන්වෙනව. මෙම Sensor එක මගින් Sensor එකේ සිට අංශක 60ක කෝණයක් ඇතුලත තිබෙන Flame එකක් හදුනා ගත හැකියි. 

මෙහි Black color LED එක මගින් Flame එක detect කරනු ලබයි. මෙම Sensor එකෙහි LED Indicator 2ක් දක්නට ලැබේ. ඉන් එකක් පවර් LED එක වන අතර අනෙක් LED එක Flame එකක් Detect වූ බව Indicate කරන LED එක වේ.

මෙම Flame sensor එකෙහි Pin 4ක් දක්නට ලැබේ.

A0 - Analog Output
D0 - Digital Output
G   - Ground
+   - VCC


මෙහි දක්නට ලැබෙන Potentiometer එක මගින් Flame එකක් detect කරගනු ලබන දුර වෙනස් කරගත හැකිවේ. ( 3 රූපය )

දැන් මෙම උපාංග 4 රූපයේ ආකාරයට සකසාගෙන  පහත Code එක Upload කරගන්න. Code එකේ Comment වලින් code එක විස්තර කරල තියනව. මොකක්ම හරි ප්‍රශ්නයක් මතු උනොත් Comment Section එකේ Comment කරන්න.



/****** YS Coding *******
*                       *
       Flame Sensor
          Coding
*                       *
*************************/
const int flamepin = A0; //Flame Sensor A0 Pin
const int buzzerpin = 12; //Buzzer Pin
const int ledpin = 9; //LED Pin
const int flame = 200; // Flame Level (Change This Value)
void setup() {
  Serial.begin(9600); //Start Serial Communication
  /* Set Pin Mode*/
  pinMode(buzzerpin, OUTPUT);
  pinMode(ledpin, OUTPUT);
}
void loop() {
  int val = analogRead(flamepin); //Read A0 Value
  Serial.println(val); // Print Flame Value
  /* No Flame Detect*/
  if (val > flame) {
    Serial.println("No Flame");
    digitalWrite(buzzerpin, LOW);
    digitalWrite(ledpin, LOW);
    /* If Fleme Detect */
  } else {
    Serial.println("Fire! Fire!");
    delay(1);
    digitalWrite(buzzerpin, HIGH);
    digitalWrite(ledpin, HIGH);
    delay(500);
    digitalWrite(buzzerpin, LOW);
    digitalWrite(ledpin, LOW);
    delay(300);
  }
}
/* End */

Download Code :- Hear

ඉතින් තව එක දෙයක් කියන්නම් මගෙන් ගොඩක් දෙනෙක් Comment වලින් වගේම inbox ඇවිල්ලත් අහල තිබ්බ කොළඹින් පිට ඉන්න අයට මේ Arduino Parts ගන්න තැනක් නැද්ද කියල.  ඉතින් මන් හිතුව මන් බඩු ගන්න තැන ගැන ඔයාලට කිව්ව නම් ඒක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි කියල.

"Scion Electronics"  ( සයන් ඉලෙක්ට්‍රොනික්ස් ) ඔයාලට Arduino සම්බන්ධ ඕනෙම item එකක් Warranty එකක් සහිතව ගන්න පුලුවන් මේ ශොප් එකෙන්. මාලබේ ස්ලිට් කැම්පස් එක ඉස්සරහ වගේම මොරටුව කැම්පස් එක ඉස්සරහත් මෙයාලගෙ shop තියනව. ඔයගොල්ලො පිට පලාතක ඉන්නව නම් ඔයාලට පුලුවන් ගෙදරටම මේ භාණ්ඩ ගෙන්න ගන්න. මෙයාලගෙ Web Site එකේ සියලුම Item ගැන විස්තර තියනව. ( http://scionelectronics.com/ ) වගකීමක් සහිතවම ඔයාලට ඕනෙ කරන Arduino Parts ගන්න පුලුවන්.



Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12