Skip to main content

Part 16 - Load Cell with Arduino


Load Cell with Arduino


Present by :- Yasas Sadeepa

ඔන්න අද අපි කතා කරන්න යන්නෙ Load Cell ගැන. ගොඩක් දෙනෙක් මට කිව්ව Load Cell (2 රූපය) ගැන කියල දෙන්න කියල. 


එයාල හැමෝගෙම ඉල්ලීමක් තමා Part 16 වලින් තමයි මේ අරන් ආවෙ.

Load Cell එකක් කියන්නෙ ස්ඛන්ධයක් මනින්න පුලුවන් Sensor එකක්.  Load Cell වර්ග ගනනාවක් තිබුනත් වැඩි වශයෙන්ම භාවිත වෙන්නෙ Strain gage based load cells. අපි අද කතා කරන්නෙ මේ Strain gage based load cells ගැන.

මේ Strain gage based load sell වලත් විවිධ ප්‍රමාණයේ Load Cells අපිට දැකගන්නට පුලුවන්. 1Kg, 5Kg, 10Kg, 40Kg, 100Kg වගේ විවිධ ප්‍රමාණ වලින් මෙම Load Cell දැකගන්නට පුලුවන්. මම අද යොදාගන්නෙ 10Kg Load Cell එකක්. මම ගත්තෙ scionelectronics එකෙන්. වොරන්ටි එකක් එක්කම ගන්න පුලුවන් ඔයාලටත්. :-  http://scionelectronics.com/product/10kg-load-sensor/

අද වන විට මේ Load Cells සෑම Digital බර කිරන යන්ත්‍රයකම පාහේ දැකගන්නට පුලුවන්.
මෙම Load Cell එකට විදුලිය සපයා යම් කිසි භාරයක් ඒ මත තැබූ විට සිදුවන ඇසට නොපෙනෙන තරමේ නැමීමක් හේතුවෙන් වෙනස් වන ප්‍රතිරෝධය යොදාගෙන ස්ඛන්ධය ගණනය කිරීම මෙහිදී සිදු වෙයි.

මෙය සිදු කිරීම සදහා Load Cell Amplifier සහ ADC ( Analog to Digital Converte ) module එක යොදාගනියි. Load Cell Amplifier සහ ADC යන දෙකම එකතු කරල හදපු Module එකක් තමයි HX711 කියන්නෙ. (3 රූපය)

HX711 Module එක ඔයාල මිලදී ගන්නව නම් මෙන්න Link එක :- http://scionelectronics.com/product/hx711-weighing-sensor-module/

මෙම Module එක Arduino එක සමග සම්භන්ධ කිරීමෙන් Load Cell එකෙහි ප්‍රතිරෝදයෙහි වෙනස්කම් කියවා බලා ඉතා නිවැරදි මිනුම් ලබාගැනීමට හැකි වෙනවා. මෙම Load Cell එක නිවැරදිව සම්බන්ධ කර Arduino වෙත නිවැරදිවම Code එක ලිව්වහොත් 0.3% - 0.25% පමණ ආසන්න නිවැරදිතාවක් ලබාගැනීමට පුලුවන්.

Lad Cell එක සහ HX711 Load Cell Amplifier Module එක සම්බන්ධ කිරීම සදහා රතු, කලු, සුදු, කොල/නිල් පැහැති වයර් 4ක් දැකගන්නට පුලුවන්.

HX711 Module එකට වයර් සම්බන්ධ වන ආකාරය පහත දැක්වේ..

Analog Side :-
Red Wire     - E+
Black Wire  - E-
White Wire - A-
Green Wire - A+

Digital Side :-
GND - GND
VCC - Power In
DT   - Data IO Conection
SCK - Serial Clock Input

මෙම HX711 Module එකට 2.1v සිට 5.5v දක්වා වෝල්ටීයතාවක් ලබාදීමේ හැකියාවක් තිබෙනවා.

මෙමගින් නිවැරදිව ස්ඛන්ධය මැනගැනීමට නම් Load Cell එකට නිවැරදිව Platform එකක් සම්බන්ධ කල යුතුයි. (වැදගත් :- Load Cell එක Platform එකට Mount කිරීම සදහා ඇති holes වල සීමාවෙන් පිටතට Platform එක නොගෑවිය යුතුයි) (4,5,6 රූප)




අපි බලමු Load Cell එකක් Arduino එක්ක එකතු කරල අපි වැඩ කරන්නෙ කොහොමද කියල. ඒ සදහා අපිට අවශ්‍ය වෙනව,

1) 10Kg Load Cell එකක්. (10Kg ම වෙන්න අවශ්‍ය නැහැ) - http://scionelectronics.com/product/10kg-load-sensor/



4) Arduino Uno
5) Potentiometer
6) 10k Resistor
7) Jumper Wires

දැන් 7රූපයේ තියෙන ආකාරයට උපාංග සකසාගන්න...


දැන් පහත කෝඩ් එක Upload කරන්න.

/*
    ***** YS Presents *****
    #First Time in Sri Lanka#
~Load Cell Coding Sinhala Tutorial~
>Code for 10Kg Load Cell<
*/
#include <LiquidCrystal.h> //Library for LCD Display
#include "HX711.h" //Library for HX711 Module (Link attached)
#define DOUT A1 //DT Pin
#define CLK A0 //SCK Pin
HX711 scale(DOUT, CLK);
LiquidCrystal lcd(8, 9, 10, 11, 12, 13); //LCD Pin
float calibration_factor = 237745; //Change this value
void setup() {
  lcd.begin(16, 2);
  lcd.setCursor(2, 0); //LCD Possition
  lcd.print("YS Load Cell");
  lcd.setCursor(5, 1);
  lcd.print("Coding");
  delay(3000);
  scale.set_scale();
  scale.tare(); //Reset the Scale
}
void loop() {
  lcd.clear();
  scale.set_scale(calibration_factor);
  lcd.setCursor(0, 0);
  lcd.print("Reading:-");
  lcd.setCursor(4, 1);
  lcd.print(scale.get_units(), 3);
  lcd.setCursor(10, 1);
  lcd.print("Kg");
  delay(100);
}




HX711 Library එක Download කරගන්න පහල Link වලට යන්න.

HX711 Library :-  Download hear


ඉතින් තව එක දෙයක් කියන්නම් මගෙන් ගොඩක් දෙනෙක් Comment වලින් වගේම inbox ඇවිල්ලත් අහල තිබ්බ කොළඹින් පිට ඉන්න අයට මේ Arduino Parts ගන්න තැනක් නැද්ද කියල.  ඉතින් මන් හිතුව මන් බඩු ගන්න තැන ගැන ඔයාලට කිව්ව නම් ඒක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි කියල.

"Scion Electronics"  ( සයන් ඉලෙක්ට්‍රොනික්ස් ) ඔයාලට Arduino සම්බන්ධ ඕනෙම item එකක් Warranty එකක් සහිතව ගන්න පුලුවන් මේ ශොප් එකෙන්. මාලබේ ස්ලිට් කැම්පස් එක ඉස්සරහ වගේම මොරටුව කැම්පස් එක ඉස්සරහත් මෙයාලගෙ shop තියනව. ඔයගොල්ලො පිට පලාතක ඉන්නව නම් ඔයාලට පුලුවන් ගෙදරටම මේ භාණ්ඩ ගෙන්න ගන්න. මෙයාලගෙ Web Site එකේ සියලුම Item ගැන විස්තර තියනව. ( http://scionelectronics.com/ ) වගකීමක් සහිතවම ඔයාලට ඕනෙ කරන Arduino Parts ගන්න පුලුවන්.


අපි අද කතා කලේ Load Cell එකක් යොදාගෙන LCD Display එකක ස්ඛන්ධය නිරූපණය කරන ආකාරය. මෙය වැඩිදියුනු කිරීමෙන් අංගසම්පූර්න තරාදියක්... ඒ වගේම ස්ඛන්ධයට අනුව ක්‍රියා කරන යම් උපකරණයක් උවද සාදාගන්නට පුලුවන්. 

ඔයාලගෙ නිර්මාණශීලී හැකියාව අනුව මෙය වැඩිදියුනු කරගන්න ඔයට පුලුවන්.

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 17 තුළින් නැවත හමු වෙමු.

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12