Networking Part 03
අපි කලින් කොටසදි කතා කලානෙ නියමු මාධ්‍ය ගැන. ඒ නියමු මාධ්‍ය අතරින් Fiber Optics ගැන වගේම නියමු නොවන මාධ්‍ය ගැන තමයි අපි අද කතා කරන්න යන්නෙ.
*ආළෝක කිරණ යොදාගෙන දත්ත සම්ප්‍රේශනය සිදු කරනු ලබනවා.
*අධික දුරකට දත්ත සම්ප්‍රේශනය කරද්දී භාවිතා කරන්නෙ මේ Fiber Optics.
*සම්ප්‍රේශන වේගය ඉතාමත් වැඩී. (100Mbps - 100Gbps)
*මේ Fiber Optic Cable වලට බාහිර විද්‍යුත් චුම්භ්හක බලපෑම් නම් ඇති වෙන්නෙ නැහැ. මොකද මේකෙදි දත්ත සම්ප්‍රේශනය කරන්නෙ ආළෝකය යොදාගෙන නිසා.
*අධික කළාප පළලකින් යුක්තයි වගේම මිළෙනුත් ගොඩක් වැඩි වෙනව.
*මේ Fiber Optics ප්‍රධාන ආකාර 2කින් අපිට දැකගන්නට පුලුවන්.
I)Single Mode Fiber Optic Cable
II)Multi Mode Fiber Optic Cable
I)Single Mode Fiber Optic Cable
II)Multi Mode Fiber Optic Cable
*Single Mode Fiber Optic Cable වලදී තන්තුව තුළින් එක් ආළෝක කදම්භයක් පමණක් ගමන්කරවීම සිදු කරනු ලබනවා. මේකෙදි ලොකු Band Width එකක් තියනව වගේම 60Km වගේ දුරකට දත්ත සම්ප්‍රේශනය කරන්නට පුලුවන්.
*Multi Mode එකේදී තන්තුව තුළින් ආළෝක කදම්භ කීපයක්ම ගමන් කරවනු ලබනවා. මේකෙදි දත්ත සම්ප්‍රේශනය කරන්නට පුලුවන් වෙන්නෙ නම් සාපේක්ෂව අඩු දුරකට. (2Km)
නියමු නොවන මාධ්‍ය
*නියමු නොවන මාධ්‍ය කියන්නෙ මොකක්ද කියල මන් කලින් කොටසදි කිව්වා.
*නියමු නොවන මාධ්‍යත් ප්‍රධාන ආකාර කීපයක්ම අපිට දකගන්න පුලුවන් වෙන්ව.
1)ගුවන් විදුලි තරංග (Radio Waves)
2)ඉතා උච්ච සංඛ්‍යාත තරංග (Very High Freequency - VHF)
3)අති උච්ච සංඛ්‍යාත තරංග (Ultra High Freequency - UHF)
4)ක්ෂුද්‍ර තරංග (Microwave)
5)අධෝරක්ත කිරණ (Infrared)
6)ලේසර් කිරණ (Laser)
7)Wi-Fi
1)ගුවන් විදුලි තරංග (Radio Waves)
2)ඉතා උච්ච සංඛ්‍යාත තරංග (Very High Freequency - VHF)
3)අති උච්ච සංඛ්‍යාත තරංග (Ultra High Freequency - UHF)
4)ක්ෂුද්‍ර තරංග (Microwave)
5)අධෝරක්ත කිරණ (Infrared)
6)ලේසර් කිරණ (Laser)
7)Wi-Fi
1)Radio Waves :-
*මේ Radio Waves විද්‍යුත් චුම්භක තරංග විශේෂයක් වෙනව. මෙහි සංඛ්‍යාතය 3KHz සිට 1GHz පමණ පරාසයේ තිබෙනවා.
*මේ Radio Waves විද්‍යුත් චුම්භක තරංග විශේෂයක් වෙනව. මෙහි සංඛ්‍යාතය 3KHz සිට 1GHz පමණ පරාසයේ තිබෙනවා.
*විශාල දුරකට දත්ත සම්ප්‍රේශනය කිරීම සදහා Radio Waves භාවිතා කරනව.
*මේ රේඩියෝ තරංග විශාල තරංග ආයාමයකින් යුක්ත වෙනව. (1mm - 100,000Km). ඒ හින්දම භාදක තුළින් උනත් දත්ත සම්ප්‍රේශනය කිරීමේ හැකියාව තියනව.
*ගුවන්විදුලි තරංග එකිනෙක වෙන්කරල හදුනා ගන්නෙ ඒවගේ සංඛ්‍යාතය පදනම් කරගෙන.
2)VHF :-
*මේවාද උච්ච සංඛ්‍යාතයෙන් යුක්ත රේඩියෝ තරංග වෙනව.
*රූපවාහිනී සම්ප්‍රේශනය සදහා ගොඩක් වෙලාවට යොදාගන්නවා.
*30MHz - 300MHz පරාසයේ සංඛ්‍යාතයෙන් යුක්ත වෙනව.
*100Km වගේ විශාල දුරකට දත්ත සම්ප්‍රේශනය කිරීමේ හැකියාවක් තිබෙනවා.
*බාහිරින් ඇතිවන ඉලෙක්ට්‍රොනික බලපෑම් වලින් ඒ තරම් හානියක් සිදු උනේ නැතත් විශාල බාධක තුළින් නම් ගම්න් කිරීමේ හැකියාවක් නැහැ.
3)UHF :-
*300MHz - 3GHz පරාසයේ සංඛ්‍යාතයෙන් යුක්තයි.
*ඒ වගේම 1dm - 1m තරංග ආයාමයකින් යුක්ත වෙනව.
*භාදක වල ගැටීමෙන් පරාවර්ථනය සිදු වන නිසා UHF තරංග පොළවට ඉතා ඉහළින් යවනු ලැබේ.
*රූපවාහිනී සම්ප්‍රේශනයේදී, GPS, Wifi, Bluetooth, Waky-Talky වල මේ UHF තරංග භාවිතා වෙනව.
VHF vs UHF
& UHF තරංග VHF තරංග වලට වඩා වැඩි දුරක් ගමන් කරනවා.
& UHF වල කළාප පළල වැඩි අතර VHF වල අඩු වේ.
& VHF තරංග වලට සාපේක්ෂව විශාල Antenna අවශ්‍ය උනත් UHF වලට නම් එහෙම අවශ්‍ය වෙන්නෙ නැහැ.
& VHF උපාංග UHF වලට වඩා ලාභදායී වෙනව.
4)Microwave :-
*1GHz - 40GHz වගේ ඉහළ සංඛ්‍යාත පරාසයක තමයි මේ Microwaves තියෙන්නෙ.
*තරංග ආයාමය නම් 0.1cm - 30cm වගේ කුඩා පරාසයක තමයි තියෙන්නෙ.
*ඒ හින්ද Mobile Phone වගේ කුඩා ප්‍රතිග්‍රහණ ඇන්ටනා තියන උපාංගවල මේ Microwaves බහුලව භාවිතා කරනව.
*ක්ෂුද්‍ර තරංග සන්නිවේදනයේදී ලක්ෂීය සන්නිවේදනය (Point to Point) ක්‍රමයට සිදු කරනවා.
*Microwaves ප්‍රධාන ආකාර 2ක් තිබෙනවා.
I) භූගෝලීය සූක්ෂම තරංග (Terrestrial Microwaves)
II) චන්ද්‍රිකා සූක්ෂම තරංග (Sattellite Microwaves)
I) භූගෝලීය සූක්ෂම තරංග (Terrestrial Microwaves)
II) චන්ද්‍රිකා සූක්ෂම තරංග (Sattellite Microwaves)
*භූමිය කෙටි දුර සන්නිවේදනය සදහා මෙම ක්‍රමය යොදාගනු ලබනවා.
*තරංග ශක්තිය යළි ගොඩනැංවීම සදහා Repeaters භාවිතා කරනව.
*Repeaters නැඝිව සැතපුම් 3ක් පමණ දුරක් ගමන් කරන්නට පුලුවන්.
*මේ සම්ප්‍රේශන දුර තරංග ශක්තිය සහ ඇන්ටනාවේ උස මත රදා පවතිනව.
*Satellite Microwaves පෘථිවි වායුගෝලය තුළින් පරාවර්ථනය වෙන්නෙ නැහැ.
*ඒ නිසා සැතපුම් 22,000 ක් පමණ දුරකින් කක්ෂ ගත කරල තියන චන්ද්‍රිකාවන් එක්ක සන්නිවේදනය සදහා භාවිතා කරනවා.
*GPS, Satellite TV වලදී යොදාගන්නව.
අධෝරක්ත කිරණ , ලේසර් ගැන වගේම Protocol සහ Signals ගැනත් තොරතුරු ගොඩක් එක්ක ඊලග දවසෙ හමුවෙමු.
Comments
Post a Comment