Skip to main content

Networking Part 05


Networking Part 05


අද මුලින්ම අපි කතා කරන්න යන්නෙ දත්ත සන්නිවේදනයේ මූලික සංකල්ප ගැන.

1) සමමුහුර්තකරණය (Synchronization) :-
                                         *ප්‍රභවයේ ඉදල ග්‍රාහකයාට යවන දත්ත පළවෙනි bit එකේ ඉදල අවසාන bit එක දක්වාම සම්පූර්ණ වශයෙන්ම ග්‍රාහකයාට සම්ප්‍රේශනය වෙන එකට තමයි අපි Synchronization කියන්නෙ.

2) පිළිදැන්වීම (Acknowledgement ) :-
                              * ග්‍රාහකයා විසින් දත්ත ලබා ගන්න සූදානම් බවත්, නිවැරදිව දත්ත ලබාගත්තට පස්සෙ තමන් නිවැරදිව දත්ත ලබා ගත්ත කියලත් ප්‍රභවයට දැන්වීම තමයි Acknowledgement කියන්නෙ.

3) කාලාන්තරය ( Period ) :-
                           * එක් ස්ථානයක ඉදල තවත් ස්ථානයකට දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේශනය වීමට ගතවන කාලය තත්පර වලින් දක්වන එකට තමයි කාලාන්තරය කියල කියන්නෙ.

4) කලාප පළල (Bandwidth) :-
                             *Digital Signal එකක ඒකක කාලයකදී සම්ප්‍රේශනය කරන්න පුලුවන් bit ගානට තමයි කලාප පළල කියල කියන්නෙ.
                             *අපි මේක තත්පරයට බිටු (bps) , තත්පරයට කිලෝ බිටු (kbps) , තතොඅරයට මෙගා බිටු (Mbps) , Gbps වලින් මනිනු ලබනවා.
                             *Analog Signal එකකදී නම් සම්ප්‍රේශනය කරන්න පුලුවන් සංක්‍යාත පරාසය තමයි කලාප පළල වෙන්නෙ. අපි මේකෙදි කළාප පළල මනින්න Hz පාවිච්චි කරනව.


සම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම

*සතුන් මගින්
*ලිපි මගින්
*සාම්ප්‍රදායික තැපෑල
*සෙල්ලිපි
*දුම් ගැසීම

ඉලෙක්ට්‍රොනික හා පරිගණක පාදක සන්නිවේදන ක්‍රම

1) දුරකථන ( Telephone ) :-
                                            * කටහඩ විද්‍යුත් සංඥා විදිහට හරි තරංග විදිහට හරි ග්‍රාහකයා වෙත සම්ප්‍රේශනය කිරීම තමයි දුරකථන සන්නිවේදනයේදී සිදු වෙන්නෙ.

2) ගුවන්විදුලිය / රූපවාහිනිය :-
                                                   * රූපවාහිනිය සහ ගුවන්විදුලිය තුළ විද්‍යුත් චුම්භක තරංග මගින් හෝ රේඩියෝ තරංග මගින් දත්ත සම්ප්‍රේශනය සිදු කරනු ලබනවා.
                                                   * මේකෙදි සෑම විටම ප්‍රභවයේ සිට ග්‍රාහකයා දක්වා එනම්, ඒකපථ විදිහට තමයි දත්ත සම්ප්‍රේශනය සිදු වෙන්නෙ..

3) චන්ද්‍රිකා ( Satellite ) :-
                                      * ගොඩක් වෙලාවට රූපවාහිනී , දුරකථන යුධමය තොරතුරු වගේ දේවල් හුවමාරු කරගන්න අපි භාවිතා කරන්නේ මේ  චන්ද්‍රිකා යොදාගෙන.
                                      * මෙකෙදි දත්ත සන්නිවේදනය සදහා යොදාගන්නෙ විදුත් චුම්භක තරංග.

4) ISDN ( Integrated Services Digital Network ) - සංගෘහිත සේවා අංකිත ජාලය :-
                                     * ISDN කියන්නෙ සාමාන්‍ය දුරකතන රැහැන් ඔස්සේ කටහඩ , දත්ත යවන සම්මත ක්‍රමයට.
                                     * මේකෙදි සාමාන්‍ය දත්ත සම්පූර්ණ වේගය 64 - 128 kbps වගේ වෙනව.
                                     * මුල් කාලයේ Internet Connecting ලබා දෙන්න පාවිච්චි කලත් වේගය ගොඩක් අඩු නිසා මෙ ක්‍රමය භාවිතයෙන් ඉවත් උනා.
                                     * මෙය Dial-up ආකාරයේ සම්බන්ධතාවක් වන අතර සම්බන්ධතාව සදහා Moderm අවශ්‍ය වෙනව.

5) ADSL / DSL ( Asymmetric Digital Subscriber Line ) - අසමමිතික අංකිත දායක රැහැන
                                     * තඹ දුරකථන රැහැන් ඔස්සේ වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේශනය කිරීම සදහා මේවා යොදා ගන්නවා.
                                     * මේකෙදි දුරකතන සම්බන්ධතාවය වගේම Internet Conection එකත් එකම රැහැනක් ඔස්සේ ලබා ගන්නා නිසා ඒවා වෙන් කිරීම සදහා Splitter හෝ DSL Filters යොදා ගන්නවා.
                                     * අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙද්දිම දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාව සහ සම්ප්‍රේශන වේගය වැඩි වීම මේවාගේ වාසි වෙනව.
                                     * සේවා සැපයුම් මධ්‍යස්ථානය දුරින් වැඩිවීමේදී සංඥාවල ප්‍රභලතාවය අඩු වෙන එක සහ සියලු ස්ථාන වලට සේවාව ලබා දිය නොහැකි වීම අවාසි විදිහට දකින්න පුලුවන්.


ISDN vs ADSL

ISDN                                                 

*Upload , Download වේග සමාන වේ.           
*සම්බන්ධතාවය end to end ආකාරයේ වේ.
*සමමුහුර්ත වේ.                 
*සම්ප්‍රේශන වේගය අඩුය.                                
*බහු ප්‍රවේශය 


ADSL

*Download වේගය Upload වේගයට වඩා වැඩිය.     
*සම්බන්ධතාවය Point to Point වේ.
*අසමමුහුර්ත වේ.
*සම්ප්‍රේශන වේගය වැඩිය.
*තනි ප්‍රවේශය


ඊලග කොටසෙන් CDMA ,GSM,GPRS, රැහැන් රහිත සන්නිවේදන ක්‍රමන්හි පරිණාමය ගැන වගේම මූර්ජන තාක්ෂනයන් ගැනත් අරගෙන එන්නම්.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12