Skip to main content

Networking 04


Networking Part 04


අපි පහු ගිය කොටසෙන් නියමු නොවන මාධ්‍ය ගැන කතා කලානෙ. ඉතින් අපිට තව ප්‍රධාන නියමු නොවන මාධ්‍ය 2ක් ගැන කතා කරන්න ඉතුරු වෙලා තියනවා. දැන් අපි ඒ ගැන වගේම තවත් දේවල් ගැනත් කතා කරමු.


5) Infrared :-

* 300GHz - 400THz වගේ අධි සංඛ්‍යාත පරාසයකින් යුක්ත වෙන අධෝරක්ත කිරණ කෙටි දුර සන්නිවේදනයන් සදහා තමයි භාවිතා වෙන්නෙ.
*විශාල කලාප පළලකින් යුක්ත වෙන මේ අධෝරක්ත කිරණ පාරදෘශ්‍ය නොවන මාධ්‍ය හරහා නම් ගමන් කරන්නෙ නැහැ.
*TV Remort වගේ දේවල් වල ගොඩක් වෙලාවට භාවිතා වෙනව.


6) Laser :-

*දත්ත සන්නිවේදනය සදහා ලේසර් භාවිතා කරද්දී ඉතා තුනී ලේසර් කදම්භයක් තමයි භාවිතා කරන්නෙ.
*කිලෝමීටර් ගණනාවකට දත්ත සම්ප්‍රේශනය කරන්න පුලුවන් වගේම ලේසර් වල කළාප පළලත් වැඩි වෙනව.
* චන්ද්‍රිකා , ග්‍රහලෝක අතර සන්නිවේදනය සදහා තමයි ගොඩක් වෙලාවට මේ ලේසර් කදම්භ භාවිතා කරන්නෙ.
-----------------------------------------------------------------------------

නියමාවලි ( Protocol )

දත්ත සන්නිවේදනයේදී සම්ප්‍රේශකයා සහ ග්‍රාහකයා අතර යෙදෙන පොදු නීති හා එකගතාවයන් තමයි අපි නියමාවලි කියල හදුන්වන්නෙ.


*එක එක අවශ්‍යතාවයන්ට සහ කාර්‍යන්ට අනුව වෙනස් උනු නියමාවලින් පවතිනව. Network එකක් තුළදී එක එක් මට්ටම් වල එකිනෙකට වෙනස් නියමාවලීන් තමයි භාවිතා වෙන්නෙ. මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඉස්සරහදි අරන් එන්නම්.

සංඥා ( Signal )

අපි දත්ත හරි තොරතුරු හරි Network එකක් ඇතුළෙ සම්ප්‍රේශනය කරනව නම් ඒවා සංඥා බව්ට පරිවර්ථනය කරන්න වෙනව.

*මේ සංඥා ප්‍රධාන ආකාර 2ක් තියනවා.
                      1) අංකිත සංඥා ( Digital Signal )
                      2) ප්‍රතිසම සංඥා ( Analog Signal )

@ මේ Digital Signal එකකට තියෙන්නෙ යම්කිසි උපරිම සහ අවම අගයක් විතරයි. උපරිම සහ අවම අගයන් දෙක අතර වෙනත් කිසිම අගයක් පවතින්නෙ නැහැ.

@ සංඥාවේ උපරිම අගය 1 විදිහටත් අවම අගය 0 විදිහටත් සැලකුවොත් මේවා ද්වීමය සංඥාවන් වෙනව.


$ Analog Signal කියන්නෙ කිසියම් වූ උපරිම හා අවම අගයන් 2ක් අතර අනවරතව විචලනය වෙන Signal එකකට.




ප්‍රතිසම සංඥාවක ගුණාංග

& විස්තාරය ( Amplitude ) :-
                                           * ප්‍රතිසම තරංගයේ උස තමයි අපි විස්තාරය කියල හදුන්වන්නෙ. මේ මගින් තරංගයේ ශක්තිය නිරූපණය වෙනව. 


& සංක්‍යාතය ( Freequency ) :-
                                                * ඒකක කාලයකදී ගමන් ගන්නා තංගයේ ස්පන්දන සංඛ්‍යාව (pulse) එම තරංගයේ Freequency එක වෙනව.


                                                * සංඛ්‍යාතය මැනීම සදහා Hz ( හර්ට්ස් ) කියන ඒකකය භාවිතා වෙනව.


& තරංග ආයාමය / ආවර්තය ( Wavelength ) :-
                                         * තරංගය එක් චක්‍රයක් සම්පූර්ණ කරද්දී එක ලග පිහිටන ( අනුයාත ) පුඩු දෙකක් අතර දුරට තමයි අපි තරංග ආයාමය කියන්නෙ. 


                                                 
පොඩි දෙයක් කියන්න හිතුව. අපි මේ Network ගැන කරන Post වල අන්තර්ගතය මොකක්ද කියල ගොඩක් අය මගෙන් ඇහුව. මන් අද කියන්නම් අපි මේ Network ගැන කරන Post මාලාවේ තිබුන දේවල් සහ ඉස්සරහට අරගෙන එන්න හිතන් ඉන්නෙ මොනවද කියල. ඉතින් මේ Post මාලාවෙ අන්තර්ගතය කිටවලා ඒකෙ අඩුවක් තියනව නම් Comment කරන් යන්න.

1. Information Technology -  #Done
2. Communication Technology - #Done
3.  දත්ත සන්නිවේදන පධතියක මූලික සංරචක - #Done
4.සන්නිවේදන මාධ්‍ය - #Done
5. Protocol - #Done
6. Signal - #Done
7. දත්ත සන්නිවේදනයේ මූලික සංකල්ප
                     *Synchronization
                     *Acknowledgement
                     *Period
                     *Bandwidth
8. Traditional Communication Ways
9. ඉලෙක්ට්‍රොනික හා පරිගණක පාදක සන්නිවේදන ක්‍රම.
                         *Radio / Television
                         *Sattellite
                         *ISDN
                         *ADSL
                         *CDMA
                         *GSM
                         *GPRS
10. රැහැන් රහිත සන්නිවේදනයේ පරිණාමය.
11. Carrier Signal
12. Basic Modulation Technology
                    *Analog Modulation
                                     & AM
                                     & FM
                                     & PM
                    * Digital Modulation
                                     & ASK
                                     & FSK
                                     & PSK
13. DAC
14. ADC
           *PCM
           *CODEC
15. Multiplexing
                   *FDM
                   *TDM
                   *CDM
16. Transmission Impairment
                    *Attenuation
                    *Noice
                    *Distortion
                                  & Amplitude Distortion
                                  & Freequency Distortion
                                  & Phase Distortion
17. Data Transmission Modes
                   *Simplex
                   *Half Duplex
                   *Full Duplex
18. Data Transmission Type
                   *Serial Transmission
                   *Parallel Transmission
                   $ Unicast
                   $ Multicast
                   $ Broadcast
19. ජාලකරණයේ වාසි අවාසි
20. Definition of Computer Network
                    *LAN
                    *MAN
                    *WAN
                    *DAN
                    *CAN
                    *PAN
    
                    $ VPN
21. Network Topology
                    *Bus Topology
                    *Star Topology
                    *Ring Topology
                    *Mash Topology
                    *Tree Topology
22. Network Models
                   *Peer to Peer
                   *Client Server
23. Client Server Configuration
                    *Web Server
                    *Mail Server
                    *DNS
                    *Proxy Server
                    *DHCP Server
24. Protocol
              *මූලික නියමාවලීන්
                               & CD
                               & Token Ring
                               & IP
                               & TCP
                               & UDP
                               & ICMP
                               & FTP
                               & SMTP
                               & POP
                               & PPP
                               & Telnet
                               & HTTPS
                               & RIP
25. පරිගණක ජාලයක් තුළ දත්ත සන්නිවේදනය සිදුවන ආකාරය
                 *OSI
                 *TCP
26. ජාලකරණ උපාංග හා ඒවාගේ කාර්‍යන්
                  *NIC
                  *Repeater
                  *Regenerator
                  *Hub
                  *Switch
                  *Bridge
                  *Gateway
27. Physical Address & Logical Address
28. IP Address
                *Static & Dynamic IP
                *IP Address Classes
                *Subnet
                *Subnet Mask
29. ජාල පරීක්ෂා කිරීමේ ක්‍රම
30. Internet
              *Network of Networks
              *Hosts
              *Backbone
              *Coverage & Features
              *Intranet ( අන්තඃජාලය )
              *Cookies
              *IEFT
              *Packet Transmission
              *Switching & Routing
              *News Group
              *Web Portal
              *Blogs
              *VOIP
              *W3C
31. පරිගණක ජාලවලට විය හැකි අනතුරු හා තර්ජන
             *Virus
             *Worms
             *Trojen Hours
             *Spyware
             *Adware
             *Hijacker
             *Phishing
             *Bots
             *Spams
             *Spoofing
             *Tampering
             *Repudiation
             *Information Disclosure
             *Denial of Services
             *Evelation of Privilage
             *Port Scan
32. Attacks
               *Hackers & Crackers
               *Evesdropping
               *IP Session Hijacking
33.අනතුරු සහ ප්‍රහාරවලින් ආරක්ෂා වීම
               *Encryption
                            & Symmetric Key Encryption
                            & Asymmetric Key Encryption
                            & Publick Key Encryption
                            & Private Key Encryption
               *Digital Signature
               *Patches & Updates
               *Authentication
               *Honey Pots & Surgercan

දත්ත සන්නිවේදනයේ මූලික සංකල්ප, සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම , ඉලෙක්ට්‍රොනික හා පරිගණක පාදක සන්නිවේදන ක්‍රම ගැන තොරතුරු ගොඩක් අරන් ආයෙත් දවසක හමු වෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12