Skip to main content

Networking Part 01

Data Communication & Computer Networking


Information_Technology :-
                                                Computer එකට දත්ත ලබා දීල, අපිට අවශ්‍ය විදිහට සකස් කරල තොරතුරු ලබා ගන්න එකට තමයි අපි තොරතුරු තාක්ෂණය කියල කියන්නෙ.

මේකෙදි Data Input කිරීම, Process , තොරතුරු ගබඩා කිරීම කියන දේවල් පමණක් සිදු කළ අතර දත්ත සන්නිවේදනය සදහා වෙනත් ක්‍රම යොදා ගන්නවා.


#Communication_Technology :-
                                                       Computer Network බිහිවීමත් එක්කම සාම්ප්‍රදායික ක්‍රම මගින් සිදු කරපු සන්නිවේදනයේ ලොකු සංවර්ධනයක් ඇති උනා. Internet එකේ ආරම්භයත් එක්කම තොරතුරු සන්නිවේදනය කරන ප්‍රධාන මාධ්‍ය විදිහට Internet එක භාවිතා කරන්නට පෙළඹුනා.


*එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගෙනයාම දත්ත සන්නිවේදනය කියල හදුන්වනු ලබනවා.


දත්ත සන්නිවේදන පද්ධතියක මූලික සංරචක
               *දත්ත සම්ප්‍රේශකයෙක් ( දත්ත ප්‍රභවය ) - Transmiter / Source
               *ග්‍රාහකයා - Receiver
               *සම්ප්‍රේෂණ මාධ්‍ය - Transmission Media
               *සංඥා - Signal
               *නියමාවලි - Protocol


දත්ත සන්නිවේදනය කියන්න දේ නියම විදිහට නිර්වචනය කලොත්,
                                    * දත්ත සන්නිවේදනය යනු සම්ප්‍රේශකයා හා ග්‍රාහකයා අතර කිසියම්වූ සන්නිවේදන මාධ්‍යක් ඔස්සේ දත්ත හුවමාරු කරගැනීමයි.
                                    * මේකෙදි දත්ත සම්ප්‍රේශන ක්‍රම සහ දත්තවල ආරක්ෂාව ගැන දැඩිව අවධානය යොමු කරනු ලබනවා.



සම්ප්‍රේශකය / ප්‍රේශකයා - Transmiter :-

දත්ත සන්නිවේදනය ආරම්භ වෙන උපකරණය හෝ පුද්ගලයා ප්‍රේශකයා කියල හදුන්වනවා.

*ප්‍රේශකයා කියන්නෙ හැම වෙලාවෙම දත්ත සන්නිවේදනය ආරම්භ වන ස්ථානය වන අතර, සම්ප්‍රේශකය කියන්නෙ අතරමැදිව තිබෙන දත්ත ලබාගෙන, එම දත්ත සම්ප්‍රේශනය කරන උපකරණයකට. ඒ කියන්නෙ සම්ප්‍රේශකය කියන්නෙ හරියට දුරකතන සන්නිවේදන කුළුනක් වගේ දෙයක්.


ග්‍රාහකය - Receiver :-

දත්ත අවසාන වශයෙන් ලබා ගන්න උපකරණය හෝ පුද්ගලයා දත්ත ග්‍රාහකයා වෙනව.


Ex :- දුරකතනයකින් තවත් දුරකතනයකට SMS එකක් යැවීම.

ප්‍රේශකයා :- SMS එක යවන පුද්ගලයා
සම්ප්‍රේශකයා :- SIM එකට අදාල සමාගම
ග්‍රාහකයා :- SMS එක ලබාගන්නා පුද්ගලයා



සම්ප්‍රේශන මාධ්‍ය - Transmission Media

සම්ප්‍රේශකයාගේ ඉදල ග්‍රාහකය දක්වා දත්ත යැවීම සිදු කරන මාධ්‍ය අපි සම්ප්‍රේශන මාධ්‍ය කියල හදුන්වනවා.

දත්ත සම්ප්‍රේශන මාධ්‍ය ප්‍රදාන ආකාර 2ක් දැකගන්නට පුලුවන්.
                      1) නියමු මාධ්‍ය
                      2) නියමු නොවන මාධ්‍ය

*දත්ත සන්නිවේදනය සදහා භෞතික මාධ්‍යක් ඒ කියන්නෙ Wire එකක් භාවිතා කරනව නම් ඒ මාධ්‍යන් නියමු මාධ්‍යන් ( Guided Media ) කියල හදුන්වනු ලබනවා.

*දත්ත සන්නිවේදනය සදහා භෞතික මාධ්‍යක් භාවිතා නොවන ඒ කියන්නෙ Wireless විදිහට දත්ත සන්නිවේදනය කරන මාධ්‍යන් නියමු නොවන මාධ්‍යන් ( Unguided Media ) කියල  හදුන්වනවා.



නියමු මාධ්‍යන් ගැන ගොඩක් තොරතුරුත් එක්ක ඊලග ලිපියෙන් හමුවෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12