Skip to main content

Home Automation



මේකෙදි අපි කතා කරන්න යන්නෙ Home Automation කියන දේ ගැන.
Home Automation කියන දේ ගත්තම ගොඩක් පැති වලට විහිදෙනව. අද අපි කතා කරන්න යන්නෙ WiFi Base Home Automation System එකකට අවශ්‍ය මූලික දේවල් ගැන.
ගොඩක් අය අහල ඇති Nodemcu එක ගැන. මේ Nodemcu එක ගැන මන් මීට කලින් Post 2ක්ම කලා. ඒ දෙකත් බලල එන්න.

අද අපි කතා කරන්න යන්නෙ මේ Nodemcu Board එක යොදාගෙන Home Automation System එකක් හදාගන්න විදිහ ගැන.කලින් කිව්ව වගේ මේකෙදි සම්පූර්ණ Home Automation System එකක් ගැන නම් කතා කරන්නෙ නැහැ.

ගොඩක් අය දැනටමත් Blynk ගැන දන්නව. ඒත් නොදන්න අය වෙනුවෙන් තමා මේ Post එක. ගොඩක් Videos තිබුනත් ඒවගෙ නොතේරෙන තැන් තිබ්බ කිව්ව නිසයි මේ Post එක ගෙනාවෙ.

හරි අපි මේකෙදි කරන්න යන්නෙ Blynk App එක යොදාගෙන ලෝකෙ ඕනෙම තැනක ඉදල ගෙදර Bulb 4ක් ON/OFF කරන්න වගේම RGB Light එකක් Control කරන එක.
මේකට අපිට ඕනෙ වෙනව,

*Nodemcu Board එකක් :- http://scionelectronics.com/…/nodemcu-lua-cp2102-esp8266-w…/ රු.850/= (With Warranty)
*5V 4 Channel Relay Card එකක් :- http://scionelectronics.com/prod…/5v-4-channel-relay-module/ රු.390/=
*Common Cathode RGB LED එකක් :- http://scionelectronics.com/…/led-5mm-rgb-4-pin-clear-comm…/ රු.11/=
*Jumper Wires :- http://scionelectronics.com/…
*5V Power Supply එකක් :- http://scionelectronics.com/…
*Holder 4ක්
*Wires

මේ දේවල් ඔයාලට Warranty එකක් එක්කම Scion_Electronics ( scionelectronics.com ) එකෙන් One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්.
හරි අපි ඉස්සරලම කරන්න ඕනෙ Blynk App එක Download කරගන්න එක. මේ Link එකෙන් ගිහින් Blynk App එක ඔයාගෙ 4n එකට Download කරගන්න.

Android :- http://www.google.com/url…
IOS :- http://www.google.com/url…

*ඊලගට කරන්න තියෙන්නෙ App එක Open කලාම එන Window එකෙන් Create New Account කියන එක දෙන්න (2 රූපය)



*ඊලගට ඔයාගෙ Email එක සහ Password එකක් දීල ඔයාගෙ Blynk Account එකට Sign Up වෙන්න. (3 රූපය)

*ඔයා හරියට Sign Up උනා නම් ඔයාට 5 රූපයේ වගේ Window එකක් බලාගන්න පුලුවන් වෙයි.


*ඊලගට Cool! Got It කියන Button එක Touch කරල Next Step එකට යන්න.(5 රූපය)
*ඊලගට ඔයාට පේන Window එකෙන් Create Project කියන එකට යන්න. (6 රූපය)


*එතකොට ඔයාට දැකගන්න පුලුවන් Create New Project Window එක. ඒකෙදි ඔයාගෙ Project එකට නමක් දීල Device කියන එකට ESP8266 දීල Theam එකට ඔයා කැමති Theam එකක් තොඉරගෙන Create දෙන්න. (7 රූපය)


* ඊලගට ඔයාට 8 රූපයේ වගේ Window එකක් දැකගන්න පුලුවන්. ඒකෙදි OK කියන Button එක Touch කරල ඊලග Step එකට යන්න ඔයාට පුලුවන්.


* දැන් ඔයාට 9 රූපයේ වගේ Window එකක් දැකගන්න පුලුවන්. ඒකෙදි icon එක උඩ Touch කරල Widget Box එකට යන්න.


*එතකොට ඔයාට 10 රූපයේ වගේ Widget Box එකක් දැකගන්න පුලුවන්. මේකෙදි අපිට ඕනෙ වෙන්නෙ Bulb 4ක් Control කරන්න Button 4ක් නිසා අපි Button 4ක් අපේ Window එකට Add කරගමු. (10 රූපය)

*ඊලගට ආයෙත් Widget Box එකට ගිහිල්ල Slider තුනකුත් ඔයාගෙ Project එකට Add කරගන්න. අපි RGB Bulb එක Control කරන්නෙ මේ Slider 3 use කරල.

*අවසානෙදි ඔයාට 11 රූපයේ වගේ Interface එකක් දැකගන්න පුලුවන්.


*ඊලගට ඔයාට Button එක උඩ Touch කරල Button එකේ Setting Page එකට යන්න ඕනෙ. අපි Button 4 වගේම Slider 3 ත් Settings හදාගන්න ඕනෙ විදිහ පහල 12,13,14,15,16,17,18 රූපවල තියනව. ඒ විදිහට Settings ටික හදාගන්න.






*ඊලගට 19 රූපෙ තියන Setting Icon එක උඩ Touch කරල Project Setting window එකට යන්න. එතකොට ඔයාට 20 රූපෙ වගේ Project Setting Window එකක් දැකගන්න පුලුවන්.


*ඔයාට මේ Project Setting Window එකේ පහලට යද්දී හම්බෙන Auth Tokens එක Coppy කරල අරගෙන හරි Email එකක් විදිහට අරගෙන හරි Save කරල තියාගන්න. (21 රූපය).


 අපිට Arduino Code එකේදි අපිට මේ Auth Token එක ඕනෙ වෙනව. මේ 22 රූපයේ තියෙන්නෙ මගෙ Auth Token එක.
දැන් App එකේ වැඩේ ඉවරයි. ඊලගට ඔයාට තියෙන්නෙ Nodemcu එකට Code එක ලියන එක.

මේකෙදි ඔයා මුලින්ම Blynk Library එක Install කරගන්න ඕනෙ.
Blynk Library :- http://www.google.com/url…

දැන් ඊලගට Arduino Software එක Open කරල File -> Example -> Blynk -> Boars_WiFi -> ESP8266_Standalone කියන Path එකට ගිහින් Example එක Open කරගන්න. (23 රූපය)


දැන් මේ code එකේ ssid කියන එකට ඔයා Use කරන WiFi Router එකේ SSID එක වගේම pass කියන තැනට Router එකේ Password එක දීල auth කියන තැනට ඔයාගෙ Auth Token එක දීල Board එක විදිහට NodeMCU Board එක තෝරල Port එකත් හරියට තෝරලා Code එක Nodemcu Board එකට Upload කරන්න.

ආ කියන්න අමතක උනා. අපි ලෝකෙ ඕනෙම තැනක ඉදල Nodemcu එක Control කරන නිසා අපි Nodemcu එකට WiFi Connecting එකක් දෙන්න ඕනෙ. ඒ නිසා තමයි අපි Router එකක් Use කරන්නෙ. ඔයාට WiFi Router එකක් නැත්තන් 4න් එකේ Hotspot උනත් මේකට Use කරන්න පුලුවන්. හැබැයි එතකොට අපිට අපේ Nodemcu එක Control කරන්න පුලුවන් 4න් එකෙන් Hotspot දෙන්න පුලුවන් 30m වගේ ප්‍රදේශයක ඉදල විතරයි.

දැන් මේ පහල විදිහට ඔයාගෙ Relay Board එකයි RGB LED එකයි සම්බන්ධ කරගන්න.
අපි මේකෙදි Relay එක වෙනුවෙන් GPIO0, GPIO1, GPIO2, GPIO3 කියන pin 4 නෙ භාවිතා කලේ... Nodemcu එකේදි Arduino Uno Board එකකට වඩා Pin පිහිටන විදිහ වෙනස්. (Pin Out රූපය )


ඒ නිසා අපි Relay 4 සම්බන්ධ කරගන්නෙ Nodemcu Board එකේ D3,TX,D4,RX කියන Pin වලට.
ඊලගට අපි RGB Bulb එකේ R,G,B Pin 3 සම්බන්ධ කරගන්න ඕනෙ Nodemcu එකේ D2,D1,D6 කියන Pin වලට.

* තව දෙයක් මතක තියාගන්න Relay Card එකට Nodemcu එකෙන් Power දෙන්න බෑ. ඒ නිසා 5V External Power Source එකක් Use කරන්න. එහෙම කරද්දී මතක තියාගන්න ඕනෙ දෙයක් තියනව. ඒ තමයි Relay Board එකේ GND එක සහ Nodemcu එකේ GND එක එකට සම්බන්ධ කරන්න.

Connection ටික Photo එකක් හදල දාන්න වෙලාවක් තිබුබෙ නැ. හැමෝම මට සමාවෙන්න ඒකට.

හරි දැන් වැඩේ ඉවරයි. දැන් ඔයාගෙ WiFi Router එක On කරල Nodemcu එකටත් Power දෙන්න. දැන් ඔයාට බලාගන්න පුලුවන් ඔයාගෙ App එකේ Button Touch කරද්දී Relay එක On/Off වෙන විදිහ සහ Slider Slide කරද්දී RGB LED එකේ Colours වෙනස් වෙන විදිහ.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12