Skip to main content

Bootloader

 Burn Bootloader




ගොඩක් කට්ටිය මගෙන් අහල තිබුන අලුත් Atmega328p Microcontroller එකක් අලුතෙන් ගත්තහම අළුත් Microcontroller එකට Bootloader එක Burn කරගන්නෙ කොහොමද කියල.

 Arduino Board එකට අපි Upload කරන Program එකක් නිවැරදිව Memory එකට Load කරගෙන නිවැරදි සම්බන්ධතාවයක් ඇති කරනු ලබන්නේ මෙම Bootloader එක විසින්.

හරියට Computer එකක BIOS Program එක වගේ. අපි අළුතින් අපි මිළදී ගන්න ගොඩක් Microcontroller වල Bootloader එක අන්තර්ගත වෙන්නෙ නැහැ.

ඉතින් අපි බලමු අළුතින් ගත්ත Atmega328p Microcontroller එකකට Bootloader එක Burn කරගන්නෙ කොහොමද කියල.

මේ සදහා අපිට අවශ්‍ය වෙනව,
1) ATMEGA328P Ic × 1 :- http://scionelectronics.com/product/atmega328p-pu/
2) 1K Resistor × 1 :- http://scionelectronics.com/product/1k/
3) 22Pf Capacitor × 2 :- http://scionelectronics.com/product/22pf-50v/
3) 16MHz Crystal × 1 :- http://scionelectronics.com/product/16mhz/
4) Arduino Uno × 1 :- http://scionelectronics.com/product/arduino-uno-r3/
5) Jumper Wires

මුලින්ම Atmega328p ic එකෙහි පින් හදුනා ගැනීම සදහා 2 රූපය බලන්න.


Bootloader එක Burn කිරීම සදහා පළමුවෙන්ම ISP Programmer එකක් සාදාගත යුතුයි. මෙහිදී අපි ISP Programmer එක ලෙස භාවිතා කරනුයේ Arduino Uno Board එකයි.
ඒ සදහා මුලින්ම ආඩුඊනෝ Uno බෝඩ් එක Computer එකට Plug කිරීමෙන් පසු Arduino IDE එක Open කරගෙන File > Examples හරහා ArduinoISP වැඩසටහන Open කරගත යුතුයි.(3 රූපය)


දැන් මෙම ArduinoISP වැඩසටහන Arduino Board එක වෙත Upload කිරීමෙන් පසුව, Tools > Programmer > Arduino as ISP යන්න තෝරා ගත යුතුයි. (4 රූපය). දැන් ඔයාගෙ Arduino Uno බෝඩ් එක ISP Programmer එකක් විදිහට වැඩ කරනව.

දැන් Bootloader එක Burn කරගැනීම සදහා 5 රූපයේ ආකාරයට උපාංග සකසාගන්න.
දැන් 5 රූපය ආකාරයට උපාංග සකසාගැනීපෙන් පසුව Arduino Boad එක Computer එකට Plug කර Arduino IDE එක Open කරගන්න. පසුව Tools > Board තුළින් Arduino Uno යන්න Select කරන්න.


අවසාන වශයෙන් Tools > Burn Bootloader යන්න Select කරන්න. (6 රූපය). මේ සදහා සුලු වේලාවක් ගත වනු ඇත. (7,8 රූප).





දැන් ඔබගේ ATMEGA328P Microcontroller එක Program කිරීම සදහා සුදුසු තත්වයට පත්වී අවසන්. නමුත් ඔයා මීලගට පලමුවෙන්ම Program එකක් Upload කිරීමට ප්‍රථමයෙන්ම Tools > Programmer > AVRISP mkII යන්න තෝරාගත යුතුයි. (9 රූපය) මෙට සිදු කල යුත්තේ Bootloader එක Burn කිරීමෙන් පසු එක් වතාවක් පමණි.



දැන් ඔබගේ ATMEGA328P ic එක ප්‍රෝග්‍රෑම් කිරීම සදහා සූදානම්.
මේ ආකාරයට Bootloader Burn කළ ATMEGA328P Microcontroller එක යොදාගෙන ඔයාටත් ගෙදරදිම Arduino Uno බෝඩ් එකක් හදාගන්න පුලුවන්.

ඉතින් තව එක දෙයක් කියන්නම් මගෙන් ගොඩක් දෙනෙක් Comment වලින් වගේම inbox ඇවිල්ලත් අහල තිබ්බ කොළඹින් පිට ඉන්න අයට මේ Arduino Parts ගන්න තැනක් නැද්ද කියල. ඉතින් මන් හිතුව මන් බඩු ගන්න තැන ගැන ඔයාලට කිව්ව නම් ඒක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි කියල.

"Scion Electronics" ( සයන් ඉලෙක්ට්‍රොනික්ස් ) ඔයාලට Arduino සම්බන්ධ ඕනෙම item එකක් Warranty එකක් සහිතව ගන්න පුලුවන් මේ ශොප් එකෙන්. මාලබේ ස්ලිට් කැම්පස් එක ඉස්සරහ වගේම මොරටුව කැම්පස් එක ඉස්සරහත් මෙයාලගෙ shop තියනව. ඔයගොල්ලො පිට පලාතක ඉන්නව නම් ඔයාලට පුලුවන් ගෙදරටම මේ භාණ්ඩ ගෙන්න ගන්න. මෙයාලගෙ Web Site එකේ සියලුම Item ගැන විස්තර තියනව. ( http://scionelectronics.com/ ) වගකීමක් සහිතවම ඔයාලට ඕනෙ කරන Arduino Parts ගන්න පුලුවන්.



Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12