Skip to main content

Arduino Basic Part 07


Pulse Width Modulation ( PWM )

Pulse Width Modulation එහෙමත් නැත්තන් PWM
කියන්නෙ මොකක්ද කියල අපි බලමු. මේ ක්‍රමය පාවිච්චි කරල අපිට පුලුවන් Motor එකක speed එක control කරන්න... Servo Motor එකක් එක්ක Communicate කරන්න... ලස්සන LED රටා නිර්මාණය කරන්න... විවිධ Communication Systems හදන්න වගේ දේවල් කරන්න...

Arduino එකක Voltage Range එකතියෙන්නෙ 0V සිට 5Vදක්වා පරාසයක. Arduino  බෝඩ් එකක PWM කියල විශේෂ Digital Pin වර්ගයක් තියෙනව.Arduino Uno බෝඩ් එකක නම් මේ පින් 6ක් තියෙනව. Arduino Uno බෝඩ් එකක 3,5,6,9,10,11 කියන පින් 6 තමයිPWM පින් වෙන්නෙ. මේ PWM පින් එකක් හරහා Output කරන Voltage එක විවිධ අවස්ථාවල වෙනස් වෙන්නට පුලුවන්.

මේ විදිහට වෙනස්වෙමින් යන Voltage එකකට අපි කියනව වේව් ෆෝම් එකක් කියල.


මේ වේව් එකේ එකම විදිහෙ කොටස් රිපීට් වෙවී රිපීට් වෙවී යනවකියල ඔයාල දකින්න ඇති. මේ රිපීට් වෙවී යන එක කොටස් සමාන කාලවලින් බෙදුවහම එන එක කොටසකට අපි කියනව Cycle එකක් කියල.

ඔයාල අහල ඇති Freequency එක කියල දෙයක්. මේ Freequency එක කියන්නෙ තප්පරයකට මේ Cycles කීයක් යනවද කියනඑක. අපි භාවිතා කරන Uno බොඩ් එකට නම් 500Hz දක්වා Freequency එකක් ලබා දෙන්න පුලුවන්.

මේ Cycle එකක තියනවා  States 2ක්. එකක් Off උන state එක. අනිත් එක Active අවස්ථාවේ තියන එක. මේ Active අවස්ථාව පවතින කාලයට අපි කියනව Duty Time එක කියල. මේ ඉස්සිලා තියන කොටසකට එහෙමත් Active State එකේ තියන කොටසකට අපි කියනව Pulse එකක් කියල. ඒ Pulse එකේ දිගට අපි කියනව Pulae Width එක කියල.

දැන් අපි බලමු මේ Pulse Width එකේ වෙනස් වීම අනුව, එහෙමත් නැත්තම් Pulse Width එකේ Modulation එක අනුව කොහොමද අපිට ලැබෙන Output එක වෙනස් වෙන්නෙ කියල.

අපි හිතමු දැන් Uno Board එකේ D9 කියන PWM Pin ව්කට LED Bulb එකක් සම්බන්ධ කරල තියනව කියල.



 රූපයේ මුලින්ම තියෙන්නෙ මුලු කාලයම LED බල්බ් එකකට Voltage එක ලැබුනොත්... ඒ කියන්නෙ 5V ම ලැබුනොත් එයා එයාගෙ උපරිම දීප්තියෙන් දැල්වෙනව. ඊළගට සම්පූර්ණ කාලයම කිසිම Voltage එකක් නොලැබුනොත් මේ LED බල්බ් එක දැල්වෙන්නෙම නැහැ. ඊළගට තියන විදිහට 20%ක Duty Cycle එකක් LED එකට තිබුනොත් මේ LED එක එයාගෙ සම්පූර්ණ දීප්තියෙන් 20% ක දීප්තියකින් දැල්වෙනව. ඒ කියන්නෙ සම්පූර්ණ කාලයෙන් 20%ක කාලයක් මේ LED එකටVoltage එක ලැබුනොත් 20%ක දීප්තියකින් මේ LED එක දැල්වෙනව කියන එක.

ඉතින් මේ විදිහට මේ Duty Cycle එකේ ක්රියාකාරීත්වයමත මේ දේ කරන්න පුලුවන්. මේකෙදි සිදුවන්නේත් මේ LED බල්බය Blink වීමක්. නමුත් ඒ Blink වීම අපේ පියවි ඇහැට දකින්නට පුලුවන් කමක් නෑ... ඒ නිසා ඒ Blink වීම අපිට පේන්නෙ එළිය අඩු වැඩි වීමක් විදිහට.
ඉතින් PWM කියන දේ ගැන අවබෝධයක් එන්න ඇති කියල හිතෙනව.

ආයෙත් දවසක හමු වෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12