Skip to main content

Part 04 - Connecting Arduino


Connecting Arduino


Present by :- Yasas Sadeepa

          ආඩුඊනෝ බෝඩ් එකක බාහිර බල සැපයුම භාවිත කල යුත්තේ පරිගණකය නොමැතිව ආඩුඊනෝ බෝඩ් එක ක්‍රියාත්මක කර බලන්නට අවශ්‍ය වූ විටය. ඒත් පරිගණකයට සම්බන්ධ කරල ප්‍රෝග්‍රෑම් කරන විට හෝ පරිගණකයට සම්බන්ධ කරල පරිපථය ක්‍රියාත්මක කරල බලන විට මෙම DC බල සැපයුම ලබා දිය යුතු නොවේ.

          ආඩුඊනෝ බෝඩ් එක හාඩ්වෙයා එකක් සේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නා තෙක්ම පරිගණකය හා ආඩුඊනෝ බෝඩ් එක අතර සම්බන්ධතාවයක් නැහැ. හාඩ්වෙයා එකට අදාල Drivers ඉන්ස්ටෝල් කරන්න ඉස්සරල ආඩුඊනෝ Software එක ඉන්ස්ටෝල් කරගන්න ඕනෙ. 

arduino.cc/en/Main/Software කියන වෙබ් සයිට් එකෙන් නොමිලේම Download කරගන්න පුලුවන් කියල මන් කලින් Post එකකදි කිව්ව. ඉතින් ඒ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරල ඔයාගෙ Computer එකට ඉන්ස්ටෝල් කරගන්න.

          Arduino සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරල ඉවර නම් ඔයාගෙ ආඩුඊනෝ බෝඩ් එක Computer එකට plug කරන්න. ඊලගට තියෙන්නෙ ආඩුඊනෝ බෝඩ් එකට අදාල Drivers ඉන්ස්ටෝල් කරගන්න. ඒ සදහා මුලින්ම My Computer අයිකන් එක උඩ Right Click කරල Properties වලට යන්න ඕනෙ. දැන් ඒ තුලින් Device Manager කියන එකට යන්න ඕනෙ. එතකොට පරිගණකයේ ඉන්ස්ටෝල් වෙලා තියෙන සියලුම Drivers පෙන්වනවා.

          මේවා අතරින් Other Devices යන්න යටතේ ඇති Unknown Device කියන එක උඩ Right Click කලාම ලැබෙන Menu එකෙන් Update Driver Software යන්න ලබාගන්න ඕනෙ. එවිට මතුවන බොක්ස් එකෙන්  Brows my computer for Driver software යන්න තෝරා ගත යුතුයි. මීළගට Brows නම් බට්න් එක Click කල යුතුයි. ඉන්පසුව ඉන්ස්ටෝල් වූ ආඩුඊනෝ ෆෝල්ඩරයේ ඇති Drivers නම් සබ් ෆෝල්ඩරය තෝරා OK බට්න් එක Click කල යුතුයි. මෙසේ Drivers ඉන්ස්ටෝල් වීමෙන් පසුව ඩ්‍රයිව් මැනේජර් වින්ඩෝවෙහි Port (COM & LPT) යන්න යටතේ Arduino UNO (COMx) ලෙස අදාළ ඩ්‍රයිව් එක තිබෙනු පෙනේවි. මෙහි COM  යන්නට පසුව ඇති x යන්න වෙනුවට තිබෙන්නෙ ඉන්ස්ටෝල් වූ පෝට් එකේ අංකයයි.

           ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව ආඩුඊනෝ මෘදුකාංගයට අදාල මූලික සැකසුම් කරගැනීම සදහා එය Open කර ගත යුතුයි.

          මුලින්ම කල යුත්තේ පෝර්ට් එක තෝරන එක. ඒ සදහා ආඩුඊනෝ මෘදුකාංගය විවෘත කරගත යුතුයි. සාමාන්‍ය Software එකක් Open කරනව වගේම ආඩුඊනෝ සොෆ්ට්වෙයා එකත් Open කරගන්න පුලුවන්. ආඩුඊනෝ සොෆ්ට්වෙයා එක ඕපන් කලාම ආඩුඊනෝ එන්වර්මන්ට් පේජ් එක විවෘත වෙනව.

          කේත ලියන්නේත්, එම කේත ආඩුඊනෝ බෝඩ් එක මත සවි කර ඇති මයික්‍රො කන්ට්‍රෝලයට සම්බන්ධ කරන්නේත් මේ එන්වර්මන්ට් පේජ් එක හරහායි.

          දැන් Port එක තෝරා ගැනීම සදහා මෙහි Tools > Port යන්න තේරිය යුතුයි. එවිට ලැබ්ව්න සබ් මෙනුව හරහා ගොස් ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් වූ පෝර්ට් එක තෝරා ගත යුතුය. මෙය ඩ්‍රයිව් මැනේජර් වින්ඩෝවෙහි තිබූ COMx වේ. (x වෙනුවට කලින් කිව්ව වගේ පෝර්ට් එකේ අංකෙ එන්න ඕනෙ)


          මීළගට බෝඩ් එක තෝර ගත යුතුයි. ඒ සදහා Tools > Board යන්න හරහා යා යුතුයි. ඉන් පසුව ලැබෙන සුබ් මෙනුව තුලින් බෝඩ් එක තෝරා ගන්න ඕනෙ. මෙය Arduino Uno ලෙස සිලෙක්ට් කරන්න. ( සැ.යු :- #ඔයා භාවිතා කරන්නෙ UNO බෝඩ් එකක් නෙවේ නම් මේක වෙනස් වෙනව)


          දැන් මූලික සැකසුම් කරල ඉවරයි. මින් පසුව ආඩුඊනෝ එන්වර්මන්ට් එක වෙත පිවිසෙන වාරයක් පාසා මෙම සැකසුම් කිරීමට අවශ්‍ය #නොවේ.

          ආඩුඊනො Code එකක් ලියල ඒක ආඩුඊනෝ බෝඩ් එකට Upload කරන විදිහ ඊළග කොටසෙන් කියන්නම්. ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමිං Part_05 තුලින් නැවත හමුවෙමු.

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12