Skip to main content

Part 19 - RFID Door Lock


RFID Door Lock

Present by :- Yasas Sadeepa

ඔන්න අද පොරොන්දු උන විදිහටම RFID Door Lock එකක් හදන විදිහ අරගෙන ආව.

RFID වලදී භාවිතා වෙන්නෙ Radio Freequency එකක්. මේ RFID තාක්ෂනය බොහෝ තැන්වල භාවිතා වෙනව. (Personal Tracking, Access Control, Security Systems .......)

මේ RFID System එකක් ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනව. 


1) RFID Tag
2)RFID Reader

අපිට හදුනාගන්නට අවශ්‍ය Object එක තමා මේ RFID Tag එක. එනම් මෙම RFID Tag එක ලග තිබෙන පුද්ගලයාව හෝ යම් Object එකක් RFID Reader එකෙන් හදුන ගන්නව. ඇත්තටම කිව්වොත් RFID Reader එක විසින් RFID Tag එක හදුනාගැනීමක් මෙතනදී සිදුවෙන්නෙ.

මේ RFID Reader එක තුළ Radio Freequency Module එකක් අන්තර්ගතවෙලා තියනව. ඒ වගේම Control Unit එකක් සහ High Freequency Electromagnetic Field එකක් genarate කරන්න පුලුවන් Antenna එකක්ද අන්තර්ගත වෙනව.

RFID Tag එක තුළද  Antenna එකක් සහ Microchip එකක් අන්තර්ගත වෙනව. මේ Microchip එක තුල ඒ ඒTag එකට අනන්‍ය වූ Data අන්තර්ගතවෙලා තිබෙනවා. මෙම Microchip එකට Power Source එකක් නොමැති නිසා මෙම Tag එක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. නමුත් අප මෙය RFID Reader එකක් අසලට ලන් කල විට Reader එක මගින් නිකුත් කරන Electromagnetic Field එක නිසා Tag එකේ Antenna එකෙහි විදුලියක් හටගෙන එම විදුලියෙන් Microchip එක පනගන්වනු ලබනවා. 


දැන් මෙම Microchip එක තුළ අන්තර්ගත Data, Reader එකට කියවීමට හැකියාවක් ලැබෙනව.  මෙහිදී Tag එක තුල අන්තර්ගත තිබෙන තොරතුරු අප විසින් Microcontroller එකට ඇතුලත් කර තිබෙන තොරතුරුවලට සමාන නම් එම Tag එක Identify කරගනු ලබනවා.

හරි අපි දැන් බලමු මේ RFID සමග Arduino එකතු කරල Door Lock එකක් සාදාගන්නෙ කොහොමද කියල.

මේ සදහ අපි භාවිතා කරනු ලබන්නේ MIFARE Protocol එක භාවිතාවෙන Tag එකක් සහ MFRC522 RFID Reader එකක්.
මෙම Tag එකෙහි 1kb Memory එකක් අන්තර්ගත වෙනව.  මෙය 13.56MHz freequency එකක් යටතේ ක්‍රියාත්මක වනු ලබනවා.

මෙම RC522 Module එක SPI Protocol එක යටතේ Arduino සමග Communicate කරන අතර 3.3v යටතේ ක්‍රියාත්මක වේ.
හරි අපි එහෙනම් වැඩේට බහිමු, අපිට RFID base Door Lock එකක් හදන්න අවශ්‍ය වෙනව,

1) RC522 Module with Tag :- http://scionelectronics.com/product/rfid-kit/




5) Potentiometer
6) 220♎ Resistor

ඔන්න මන් ගත්ත බඩු වල Link එක්කම දාල තියනව. Warranty එකක් එක්ක ඔයාලටත් ගන්න පුලුවන් Scion Electronics එකෙන්.

ඉතින් මේ බඩු ටික ලෑස්ති කරගෙන 4,5 රූපවල ආකාරයට උපාංග සකසාගන්න. LCD Display එක සම්බන්ධ කරන ආකාරය මන් නැවත විස්තර කරන්න යන්නනෙ නැහැ. පහුගිය ගොඩක් Post වල කියපු නිසා.


දැන් ආඩුඊනෝ කෝඩ් එක Upload කිරීමට පළමුව RFID Library එක Download කරගන්න ඕනෙ. පහල Link එකෙන් Library එක Download කරගන්න.

RFID Library :- Download Hear

මේ Library එක install කරගැනීමෙන් පසුව, File > Examples > MRFC522 > DumpInfo Program එක Upload කරගන්න. දැන් RFID Tag එක Reader එකට ලන් කල විට ආකාරයට Display එකක් දැකගන්නට ලැබෙනවා. 

 එහි කහ පැහැයෙන් Highlight කර ඇති Code එක තමයි ඔයාගෙ Tag එකේ ID එක. ඊලගට අපි ලියන්න යන Code එකට ඒ ID එක අවශ්‍ය වෙනව. මේ ID එක Copy කරල තියාගන්න.


දැන් පහල තියන ආඩුඊනෝ Code එක Upload කරගන්න. මේ කෝඩ් එක ටිකක් දිග නිසාත්.. හැමෝම Code Download කරන්න පුලුවන් වෙන්න දාන්න කියන නිසත් අද Google Drive එකට Upload කලා Code එක. පහල Link එකෙන් Download කරගන්න.

RFID Door Lock Arduino Code :- Download Hear

කෝඩ් එකේ Comment වලින් කෝඩ් එක විස්තර කරල තියනව. පැහැදිලි නැති තැනක් ගැටලුවක් තිබුනොත් Comment Section එකේ දාන්න



ඉතින් තව එක දෙයක් කියන්නම් මගෙන් ගොඩක් දෙනෙක් Comment වලින් වගේම inbox ඇවිල්ලත් අහල තිබ්බ කොළඹින් පිට ඉන්න අයට මේ Arduino Parts ගන්න තැනක් නැද්ද කියල.  ඉතින් මන් හිතුව මන් බඩු ගන්න තැන ගැන ඔයාලට කිව්ව නම් ඒක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි කියල.

"Scion Electronics"  ( සයන් ඉලෙක්ට්‍රොනික්ස් ) ඔයාලට Arduino සම්බන්ධ ඕනෙම item එකක් Warranty එකක් සහිතව ගන්න පුලුවන් මේ ශොප් එකෙන්. මාලබේ ස්ලිට් කැම්පස් එක ඉස්සරහ වගේම මොරටුව කැම්පස් එක ඉස්සරහත් මෙයාලගෙ shop තියනව. ඔයගොල්ලො පිට පලාතක ඉන්නව නම් ඔයාලට පුලුවන් ගෙදරටම මේ භාණ්ඩ ගෙන්න ගන්න. මෙයාලගෙ Web Site එකේ සියලුම Item ගැන විස්තර තියනව. ( http://scionelectronics.com/ ) වගකීමක් සහිතවම ඔයාලට ඕනෙ කරන Arduino Parts ගන්න පුලුවන්.


ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 20 තුළින් නැවත හමු වෙමු.

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12