Skip to main content

Part 08 - Simple Night Rider LED Design - II

Simple Night Rider LED Design - II


Present by :- Yasas Sadeepa

මීට කලින් කොටසෙදි ආඩුඊනෝ යොදාගෙන LED Night Rider රටාවක් හදාගන්න විදිහ මම කිව්වා...

ඒත් ඒ කෝඩ් එකක් ගොඩක් දිගයි කියල ඔයාලට පේන්න ඇති. ඉතින් මේ කෝඩ් එක මීට වඩා අඩු පේළි ගානකින් අපිට ලියන්න බෑද??? ඔව් අපිට ඊට වඩා අඩු පේළි ගානකින් මේ කෝඩ් එක ලියන්න පුලුවන්.. මේ තියෙන්නෙ එහෙම ලියපු කෝඩ් එක...

int pinArray[ ] = {2, 3, 4, 5, 6,};
int count = 0;

void setup() {
  for (count = 0; count < 6; count++) {
    pinMode(pinArray[count], OUTPUT);
 
  }
}

void loop( ) {
  for (count = 0; count < 5; count++) {
    digitalWrite(pinArray[count], HIGH);
    delay(100);
    digitalWrite(pinArray[count], LOW);
    delay(100);
  }
  for (count = 4; count >= 0; count--) {
    digitalWrite(pinArray[count], HIGH);
    delay(100);
    digitalWrite(pinArray[count], LOW);
    delay(100);
  }
}

ඔයාලට දැන් තේරෙනව ඇති එදා කෝඩ් එකට වඩා මේ කෝඩ් එකේ පේළි ගාන අඩුයි කියල...
);
ඉතින් අපි බලමු මේ කෝඩ් එකෙන් කියන්නෙ මොකක්ද කියල...

කෝඩ් එකෙන් කියවෙන ගොඩක් දේවල් ගැන මම කලින් කොටස් වලින් කියල තියනවනේ... ඒ කොටස් වලින් කිව්වෙ නැති ඒව ගැන අද කියන්නම්...

ඔයාල දකින්න ඇති මුලින්ම int pinArray[ ] = {2,3,4,5,6} ; කියල දෙයක් තියනව... මේ int කියන්නෙ මොකක්ද කියල ඔයා දැනටමත් දන්නවනේ...  int වලින් පස්සෙ pinArray කියල කියල Array එකක් හදුන්වලා දීල තියනවා. Array එකක් කියන්නෙ අපිට අවශ්‍ය Values කීපයක්ම එකම Variable එකකට භාර කිරීමක්... ඉතින් මේ Array එකේ Data type එක තමා int කියන්නෙ. [ ] මේ ළකුනින් තමයි මේ තියෙන්නෙ Array එකක් කියල කෝඩ් එකට කියන්නෙ. ඉතින් මේ Array එකට අදාල සියලුම දත්ත { } මේ සගල වරහන් ඇතුලෙ දාන්න ඕනෙ... මේ කෝඩ් එකේදි නම් 2,3,4,5,6 කියන pin 5 Array එකට ඇතුලත් කරල තියනවා.

ඉතින් තව for loop එකත් පාවිච්චි කරල කලින් කොටසෙදි ගෙනාව කෝඩ් එක මේ විදිහට අඩු පේළි ගානකින් ලියන්න පුලුවන්...

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 09 තුළින් ආයෙ හම්බෙමු

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12