Skip to main content

Part 03 - Make your own Arduino Uno


Create your own Arduino Uno


Present by :- Yasas Sadeepa

          Original ආඩුඊනෝ බෝඩ් එකක් කඩෙන් ගන්න ගියොත් ලොකු වියදමක් දරන්න වෙනවා. මේකෙ තියන තවත් අවාසියක් තමයි අපි Orginal ආඩුඊනෝ බෝඩ් එකක් එක ප්‍රොජෙක්ට් එකක් සදහා භාවිතා කලොත් නැවත අලුත් ප්‍රොජෙක්ට් එකක් සදහා කලින් යොදාගත් ආඩුඊනෝ බෝඩ් එක පැරණි ප්‍රොජෙක්ට් එකෙන් ගලවා නව ප්‍රොජෙක්ට් එකට යෙදිය යුතුයි. නැතහොත් අලුත් බෝඩ් එකක් මිළදීගෙන ඒ සදහා යෙදිය යුතුයි. ඉතින් අපිට ගෙදරදිම ආඩුඊනෝ බෝඩ් එකක් හදා ගන්න පුලුවන් නම් ඒක ගොඩක් ලාබදායී... 😌😌😌 රු.450/= වගේ මුදලකට අපිට නිවසෙදිම ආඩුඊනෝ බෝඩ් එකක් සදාගන්න පුලුවන්.

          නිවසෙදිම අපිට ආඩුඊනෝ බෝඩ් එකක් හදාගන්න මේ බඩු ටික ඕනෙ වෙනව,
                    1) ATMega328p Micro Controler එකක්.
                    2) 16MHz Crystal (Oscillator) එකක්.
                    3) 10K Resistor එකක්.
                    4) 22pf Capacitor දෙකක්.
                    5) 100nf Capacitor එකක්.
                    6) USB To Serial Converter Module එකක්.
                    7) LED එකක්.
                    8) Male To Female Jumper Wire



                    අපි ප්‍රෝග්‍රෑම් කරගන්න මයික්‍රො කන්ට්‍රෝලර් එක තමයි මේ ATMega328p කියන මයික්‍රො කන්ට්‍රෝලර් එක. 


මේ මයික්‍රො කන්ට්‍රෝලර් එක ප්‍රෝග්‍රෑම් කිරීමට පරිගණකයට සම්බන්ධ කල යුතුයි. ඒ සදහා තමයි USB To Serial Converter Module එක භාවිතා කරන්නේ. එක  පාරක් සල්ලි දීල මේ මොඩියුල් එක ගත්තහම අපිට පුලුවන් ඒ මොඩියුල් එක භාවිතා කරල ආඩුඊනෝ බෝඩ් 100ක් නෙවෙයි 1000ක් උනත් හදා ගන්න.



                    දැන් ඉතින් පහල 1 රූපයේ පරිදි උපාංග ටික සම්බන්ධ කරගන්න. Converter මොඩියුල් එක ඇරෙන්න ඉතුරු ටික පාස්ස ගත්තට කමක් නෑ. මොකද Converter එකත් පාස්ස ගත්තොත් ආයෙ ආඩුඊනෝ බෝඩ් එකක් හදද්දී ඒ මොඩියුල් එක පාවිච්චි කරන්න බැරි වෙනව. ඔයා 1 රූපසටහනේ තියන විදිහට හරියටම උපාංග සම්බන්ධ කරල ඉවර නම් දැන් ඔයාට පුලුවන් #ඔයාගෙම ආඩුඊනෝ බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කරල මයික්‍රො කන්ට්‍රෝලර් එක ප්‍රෝග්‍රෑම් කරන්න.


මයික්‍රො කන්ට්‍රෝලර් එක ප්‍රෝග්‍රෑම් කරල ඉවර උනහම Converter මොඩියුල් එකට අදාල කොටස් ටික ගලවලා ඉවත් කරන්න පුලුවන්. ඒ කොටස් ගලවල ඔයා හදන ප්‍රොජෙක්ට් එකට ඔයාගෙම ආඩුඊනෝ බෝඩ් එක use කරන්න පුලුවන්. (2 රූපසටහන)


          ATMega328p මයික්‍රො කන්ට්‍රෝලර් එකේ Pins පිහිටලා තියන ආකාරය හා Arduino සොෆ්ට්වෙයා ඉන්ටෆේස් එක පිළිබදව #Part_04 තුලින් බලාපොරොත්තු වන්න.

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12