Skip to main content

Arduino Programming Part 27


OV7670 Camera Module with Arduino


අද අපි කතා කරන්න යන්නෙ OV7670 කියන Camera Module එක Arduino එක්ක එක්ක එකතු කරල වැඩ කරගන්නෙ කොහොමද කියන එක ගැන.
ඉතින් මේ වැඩේ කරන්න අපිට ඕනෙ වෙනව,




මුලින්ම මේ OV7670 Camera Module එක ගැන කියල ඉන්නම්.



මේ OV7670 Camera Module එකේ ප්‍රදානම Interface 2ක් දැකගන්න පුලුවන්.

1. SCCB Interface
2. Image Data Interface

SCCB Interface :-
                            ප්‍රදාන වශයෙන්ම I2C Interface එක මත පදනම් වෙලා තියනව. Camera එකේ Control Registers සියල්ල පාලනය කරන්නෙ මේ Interface එක හරහා. Camera එකේ White Balance , Exposure , Resolution වගේ දේවල් වලට අදාල අගයන් තමයි මේ Registers වල අපි ලියාගන්න ඕනෙ.

Image Data Interface :-
                                        මේ මගින් Images වල Data වරකට byte එක බැගින් ලබා ගැනීම සිදුකරනවා.
අපි මේ OV7670 Camera Module එක මගින් Images Capture කරගෙන Computer එකේ Save කිරීමේදී පියවර කීපයක්ම අනුගමනය කරන්නට වෙනව.
මුලින්ම රූපයේ විදිහට Camera Module එක Arduino Uno Board එකත් එක්ක Connect කරගන්න ඕනෙ.

ඊලගට මේ Camera Module එකට System Clock Input එකක් දෙන්න ඕනෙ. මේ Clock Input එක අවශ්‍ය වෙන්නෙ අපි කලින් කිව්ව SCCB Interface එකට. මේ  සදහා Clock Input එක අපි ලබා දෙන්නෙ Camera Module එකේ XCLK Pin එකට.  මේ System Clock එක 8MHz Freequency එකක් යටතේ ඉතාමත් හොදට ක්‍රියා කරනව.  ඉතින් මේකට අවශ්‍ය 8MHz PWM Signal එක Genarate කරන්න අපි භාවිතා කරන්නෙ Arduino Uno Board එකේ D9 Pin එක.

ඊලගට අපි SCCB Interface එක Initialize කරගන්න ඕනෙ. මේකෙදි එක එක I2C Bus වල Signal දෙකක් ගමන් කරනව. ඒ තමයි SIOC සහ SIOD කියන Signal දෙක. SIOC කියන්නෙ Clock Signal එක. ඒ වගේම SIOD කියන්නෙ Data Signal එක.  මේ Pin දෙකම 10K Pull-Up Resistors දෙකක් හරහා Arduino Uno Board එකේ A4 සහ A5 කියන Pin දෙකට සම්බන්ධ කරල තියනව.

මේකෙදි 320*240 Resolution එකේ Images Capture කරගැනීමේ හැකියාව තිබෙනවා. මේකෙන් කියන්නෙ එක Frame එකක Rows 240ක් සහ එක Raw එකක Pixel 320ක් තියනව කියන එක.  ඉතින් මේ විදිහට Capture කරන Image එකක Data Byte එකෙන් එක Arduino Board එක හරහා Computer එකට ඇවිත් .bmp file එකක් විදිහට Save වෙනව. අපිට මේක සදහා Java Language එකත් උදව්වට ගන්න වෙනව. අපි බලමු මේක කරගන්නෙ කොහොමද කියල.

මුලින්ම  රූපයේ විදිහට Camera Module එක Arduino Uno Board එකත් එක්ක සම්බන්ධ කරගන්න. 


මේකෙදි මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි මේ OV7670 Camera Module එක වැඩ කරනෙ 3.3 Voltage එකක් යටතේ කියන එක.


ඊලගට කරන්න ඕනෙ හැම දේම මේ Video එකේ තියනව. Video එක බලල මෙතනින් එහාට තියන පියවර ටික කරගන්න.


ඒ හැමදේටම කලින් මේ පහල තියන Link එකෙන් ගිහින් OV7670 කියන .rar file එක Download කරගන්න. (196MB වගේ තියනව)


මේකෙදි අපිට Capture කරගන්න පුලුවන් වෙන්නෙ තත්පර 3කට එක Frame එක ගානෙ B&W Images. ඉස්සරහ Post එකකින් තත්පරයට් Capture කරන Frames ගාන වැඩි කරල Color Images TFT Display එකක Live පෙන්නන්න පුලුවන් විදිහ අරගෙන එන්නම්.

ඒ වගේම තවත් දෙයක් කියන්නම්. ඔයාට ඕනෙම Arduino Component එකක් ලන්කාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ SLIT Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ Shop තියනව. ඔයාට Warranty එකක් එක්කම OV7670 Camera Module එක වගේම Arduino Uno Board එකත් ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය කරන ඕනෙම Arduino Component එකක් වගකීමක් එක්කම ගන්න පුලුවන් එකම තැන Scion Electronics (scionelectronics.com)


Arduino Programming Part 28 තුළින් නැවත හමු වෙමු.

Comments

Post a Comment

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12