Skip to main content

Part 22 - Nextion Display


Nextion Display


Present by :- Yasas Sadeepa

ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 - I

Nextion Display කියන්නෙ Human Machine Interface එකක්. එහෙමත් නැත්තම් HMI එකක්. මේ Nextion Display එක Touch Sensitive වෙනව. ඒ නිසා ඔයාගෙ Arduino Project එකට Graphical User Interface (GUI) එකක් වගේම Smart පෙනුමක් ලබා දෙන එක ඉතාමත් පහසු වෙනව. මේ Nextion Display විවිධ ප්‍රමාණ වලින් ලබා ගන්නට පුළුවන්. 2.4" , 2.8" , 3.2" , 3.5" , 4.3" , 5" , 7"  කියන ප්‍රමාණ වලින් මිළදී ගැනීමේ හැකියාවක් තිබෙනව.

Buy Nextion Display from Scion Rlectronics :- Buy 3.2"
:- Buy 2.4"



Nextion Display එක ARM Microcontroller එක මගින් බලගැන්වෙන අතර Display එක Control කරනු ලබන්නේ මෙම Microcontroller එක මගිනි. එනම් Buttons genarating, Creating Text, Store Images, Changing Background වැනි දේවල් ගන්නට පුලුවන්. මෙම Nextion Display එකක් සමග කුමන හෝ Microcontroller එකක් වේවා Communicate කල යුත්තේ 9600 baude rate එක යොදාගෙන.

Serial Communication කල හැකි ඕනෑම Microcontroller එකක් සමග Communicate කිරීමේ හැකියාවක් මේ Nextion Display එක සතු වෙනව. ( Arduino, Raspberry Pi, ESP8266, ESP32....  )

අපි අද කතා කරන්න යන්නෙ 3.2" Nextion Display එක ගැන. මෙය 400×240 Resolution එකකින් යුක්තයි. ඒ වගේම User Application Code සහ Data තබා ගැනීම සදහා 4M Flash Memory එකක් Nextion Display එක තුළ අන්තර්ගත වෙනව. ඒ වගේම Firmware Update සදහා Micro SD card Slot එකක් අන්තරගත වී තිබෙනව. මීට අමතරව Brightness Ajustable පහසුකමද තිබෙනව. (3 රූපය )

මේ Nextion Display එක මගින් Monitor වෙන GUI එක Disign කරගැනීම සදහා Nextion Editor නම් Software එක භාවොත කරනව. (4 රූපය)


Nextion Editor :-  https://nextion.itead.cc/

මෙම Nextion Editor Software එක Install කරගැනීමෙන් පසුව Nextion Display Library එක Arduino IDE එකට Add කර ගත යුතුයි.

Nextion Display Library :-  Download Hear

Library file එක Install කරගැනීමෙන් පසුව Nextion Display එකත් එක්ක වැඩ ආරම්භ කරන්න ඔයාට පුලුවන්. නමුත් ඒ Arduino Mega Board එකක් ඔයා ගාව තියනව නම් විතරයි. ඔයා ගාව තියෙන්නෙ Uno Board එකක්  නම් Library එකෙහි වෙනස්කම් කීපයක් සිදුකරන්නට වෙනව. එනම්,

1) Open the "ITEADLIB_Arduino_Nextion" Folder.

2) Open "NexConfig.h" file.

3) Comment Line 27
                    // # define DEBUG_SERIAL_ANABLE

4) Change Line 37
                     # define nexSerial Serial

5) Save the "NexConfig.h"

මෙම සියලු වෙනස්කම් සිදු කරන ආකාරය 5 රූපයේ දැක්වේ. 

මෙසේ වෙනස්කම් සිදු කිරීමෙන් පසු Uno Board එක සමග Nextion Display එක සමග භාවිත කිරීමට හැකිවේ.

මේ Nextion Display එකකින් Prohect එකක් කරන්න කලින් Disign කල යුතු දෙයක් තමා User Interface එක. ඉතින් මේ UI එක Disign කරගැනීම සදහා අපි භාවිතා කරන්නෙ Nextion Editor Software එක.

ඔයාට ඕනෙම Arduino Component එකක් ලන්කාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ Slit Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ Shop තියනව. ඔයාට Warranty එකක් එක්කම Arduino Components ගන්න පුලුවන් එකම තැන Scion Electronics ( scionelectronics.com )


Nextion Editor Software එකෙන් වැඩ කරන විදිහත් එක්ක ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 - II තුළින් හමු වෙමු.

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12