Skip to main content

Networking Part 07

Networking Part 07


ගොඩක් කාලෙකට පස්සෙ Networking Part 07 අරගෙන ආවෙ. පහුගිය කොටසෙන් අපි Modulation Technology කියන්නෙ මොකක්ද කියල කතා කලා.. අපි අද බලමු මූලික මූර්ජන තාක්ෂණයන් මොනවද කියල.

ප්‍රතිසම මූර්ජන ක්‍රම (Analog Modulation)

01) විස්තාර මූර්ජනය ( Amplitude Modulation - AM ) :-
                                   මේකෙදි පණිවිඩ තරංගයට අනුරූපව වාහක තරංගයේ විස්තාරය වෙනස්කරනු ලබනවා. නමුත් වාහක තරංගයේ Freequency එක හෝ කලාව නොවෙනස්ව පවත්වාගන්නවා.



02) සංඛ්‍යාත මූර්ජනය ( Freequency Modulation - FM ) :-
                                   මෙහිදී පණිවිඩ තරංගයේ සංඛ්‍යාතයට සාපේක්ෂව Carrier Signal එකේ Freequency එක වෙනස්කිරීම සිදුකරනව. නමුත් මේකෙදි විස්තාරය නොවෙනස්ව පවත්වාගන්නව.


03) කලා මූර්ජනය ( Phase Modulation - PM ) :-
                                      සම්ප්‍රේශනය වෙන තරංගයේ කලාව, පණිවිඩ සංඥාවේ කලාවට අනුව වෙනස් කිරීම කලා මූර්ජනයේදී සිදු කරනවා.


සංඛ්‍යාංක මූර්ජන ක්‍රම ( Digital Modulation )

                             *Digital Signal එකක බිටු ප්‍රවාහයක් Analog Signal එකක් සමග මුහුර්ජනය කර යැවීම මේකෙදි සිදු කරනවා. ඒ කියන්නෙ Carrier Signal එක විදිහට Analog Signal එකක් තමයි යොදා ගන්නෙ. පණිවිඩ තරංගයේ.... ඒ කියන්නෙ Digital Signal එකට සාපේක්ෂව Analog Signal එකේ ලක්ෂණ (විස්තාරය , සංඛ්‍යාතය , කලාව) වෙනස් කිරීමක් මේකෙදි සිදු කරනව.

*Digital Modulation ප්‍රධාන ක්‍රම 3කි.

01) විස්තාර සීරුමාරුව (Amplitude Shift Key - ASK) :-
              *Digital Signal එකේ ඉහල සහ පහළ මට්ටම් වලට අනුරූපව Carrier Signal එකේ ඒ කියන්නෙ Analog Signal එකේ Amplitude එක වෙනස් කිරීම මේකෙදි සිදු කරනව.
              *වියදම අඩු වීම, පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වීම, සම්ප්‍රේශකයන් ඉතා සරල වීම, අඩු Bandwidth එකක් අවශ්‍ය වීම වගේ වාසි මෙම ක්‍රමයේදී තියනව.



02) සංඛ්‍යාත සීරුමාරුව (Freequency Shift Key - FSK) :-
                     *Digital Signal එකේ ඉහල හා පහළ මායිම් වලට අනුරූප ලෙස Carrier Signal එකේ Freequency එක වෙනස් කිරීම මේකෙදි සිදු කරනව.



03) කලා සීරුමාරුව (Phase Shift Key - PSK) :-
                                 *Digital Signal එකේ ඉහළ හා පහළ මට්ටම් වෙනස් කිරීමට පළමුව Carrier Signal එකේ කලාව වෙනස් කිරීම මේකෙදි සිදු කරනවා.


හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලනව. මොකද කනගාටුවෙන් උනත් කියන්න වෙනව Networking Post ටික මෙතනින් තාවකාලිකව නවත්තන්න වෙනව AL Exam එක නිසා. ආයෙත් AL Exam එකෙන් පස්සෙ අලුතින් පටන්ගමු. Networking පාඩම් ටික අතරමගින් නවත්තන්න උන එක ගැන සමාවෙන්න. ආයෙත් දවසක හමුවෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12