Skip to main content

Networking Part 06


Networking Part 06


කලින් කොටසෙදි අපි කතා කලානෙ ඉලෙක්ට්‍රොනික හා පරිගණක පාදක සන්නිවේදන ක්‍රම ගැන.. ඉතින් අපිට ඒ ගැන තව කොටසක් කතා කරන්න ඉතුරු වෙලා තිබුන. ඒ ගැන වගේම තවත් කරුණු කීපයක් ගැන අපි අද බලමු.

6) CDMA (Code Division Multiple Access) - කේත බෙදුම් බහු ප්‍රවේශය :-
                                      *CDMA ක්‍රමයේදී එක සන්නිවේදන නාලිකාවක් ඔස්සේ බොහෝ සම්ප්‍රේශක වලට තොරතුරු යැවීමට ඉඩ සලස්වනව.
                                      *මේකෙදි සෑම සම්ප්‍රේශකයෙකුටම Code එකක් ලබා දීල පරිශීලකයින් රාශියකට එකම භෞතික නාලිකාවක් ඔස්සේ බහුපථකරණය (Multiplexing) වීමට ඉඩ සලසලා දෙනව.
                                      *සන්නිවේද නාලිකාවක් කියල කියන්නෙ සන්නිවේදනයක් සදහා සම්බන්ධ වෙන දෙකෙලවරක් යා වෙන මාර්ගයකට.

7) GSM (Global System for Mobile) :-
                                      *ජංගම දුරකථන වල භාවිතා වෙනව.
                                      *900MHz - 1800MHz පමණ කළාප පළලකින් යුක්ත වෙනව.
                                      *මේ කලාප පළල තුළ සන්නිවේදන නාලිකාවන් බොහොමයක් භාවිතා වෙනව.

CDMA                                          GSM
*සන්නිවේදන                            *සන්නිවේදන
නාලිකාවන් එකක්                    නාලිකාවන්
පමණක් භාවිතා වෙනව         බොහොමයක්
                                                     භාවිතා වෙනව.
*දත්ත හුවමාරුව                    *දත්ත හුවමාරුව
සාපේක්ෂව වේගවත්              සාපේක්ෂව
වෙනව.                                      මන්දගාමී වෙනව
*දත්තවල ආරක්ෂාව              *දත්තවල
සාපේක්ෂව වැඩියි.                  ආරක්ෂාව අඩුය.


8) GPRS (General Packet Radio Service) :-
                                          *එකම සන්නිවේදන නාලිකාවක් තුළ දත්ත පැකට් වශයෙන් යැවීම තමයි මේකෙදි සිද්ධ වෙන්නෙ.
                                          *56kbps - 114kbps පමණ වේගයක් පවතිනව.
රැහැන් රහිත සන්නිවේදනයේ පරිණාමය

1G :- Analog Signal Technology

2G :- Digital Signal Technology
                          Ex :- CDMA, GSM, PDC, DAMPS

2.5G :- සංඛ්‍යාංක සංඥා තාක්ෂණය සහ දත්ත පැකට් සන්නිවේදනය
                            Ex :- GSM, GPRS
                           
3G / 4G :- සංඛ්‍යාංක ගුවන්විදුලි තරංග
                            Ex :- 3G, 4G

දත්ත සම්ප්‍රේශනය සහ ප්‍රතිග්‍රහණය (Data Transmission & Reception)

වාහක සංඥා (Carrier Signal) :-
                                              *දත්ත සන්නිවේදනයේදී අවශ්‍ය දත්තය ඇතුලත් තරංගය මුසු කර යැවීම සදහා (මූර්ජනය) වාහක තරංගයක් අවශ්‍ය වෙනව.
                                              *සාමාන්‍යයෙන් වාහක සංඥාව ආදාන සංඥාවට වඩා වැඩි Freequency එකකින් යුක්‍ත වෙනව.
                                              *Carrier Signal එක විදිහට Analog හෝ Digital Signal එකක් භාවිතා කරනව.

මූලික මූර්ජන තාක්ෂණයන් (Basic Modulation Techniques)

*Carrier Signal එකේ විස්තාරය, සංඛ්‍යාතය, කලාව කියන ලක්ෂණ වලින් එකක් හෝ කීපයක් දත්තය අඩංගු තරංගයට අනුරූපව වෙනස් කිරීම තමයි අපි Modulation කියල හදුන්වන්නෙ.
*ශත්ත විශාල දුරකට යැවිය යුතු වීම, පණිවිඩ තරංගය අඩු ශක්තියකුන් යුක්ත වීම, ඇන්ටනා ප්‍රමාණයන් අවශ්‍ය පරිදි භාවිතා කිරීම වැනි හේතු නිසා මූර්ජනය අත්‍යවශ්‍ය වෙනව.

ප්‍රධාන මූර්ජන තාක්ෂණයන් ගැන කරුණු ගොඩක් එක්ක ඊලග කොටසින් හම්බෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12