Skip to main content

Networking Part 02



අපි මීට කලින් කොටසෙදි අවසානෙටම කතා කලේ Communication Media ගැනනේ. ඉතින් කලින් කිව්ව වගේම නියමු මාධ්‍ය සහ නියමු නොවන මාධ්‍ය විදිහට මේ Communication Media ප්‍රධාන වර්ග 2ක් දැකගන්නට පුලුවන්.


නියමු මාධ්‍ය ( Guided Media )

මම කලින් කොටසෙදි කිව්වනෙ නියමු මාධ්‍යක් කියන්නෙ දත්ත සන්නිවේදනය සදහා භෞතික මාධ්‍යක් ඒ කියන්නෙ Wire එකක් භාවිතා කරනව නම් ඒ මාධ්‍යන් නියමු මාධ්‍යන් ( Guided Media ) කියල හදුන්වනව කියලා.

අපි බලමු මේ නියමු මාධ්‍ය වලට උදාහරන මොනවද කියල.

>විවෘත රැහැන් (Open Wire)
>Parallel Twin-Wire
>සමාක්ෂ රැහැන් (Coaxial Cable)
>ඇඹරි යුගල රැහැන් (Twisted Pair)
>ප්‍රකාශ තන්තු (Fiber Optics)
අපි දැන් බලමු මේ එක එක නියමු මාධ්‍ය වල ලක්ෂණ මොනවද කියල.


01)විවෘත රැහැන් (Open Wire) :-
         
*මේකෙදි සමාන්තරගත රැහැන් 2ක් ආධාරයෙන් තමයි දත්ත සම්ප්‍රේශනය සිදු කරන්නේ.

*රැහැන් අතර පරතරය අඟල් 2 - 6 ක් පමණ වන ආකාරයට රැහැන් ඇදීම සිදු කරනවා.

*සරල වීම සහ ගොඩනැගීමේ පහසුව මේවාගේ වාසි විදිහට කියන්න පුලුවන්.

*ඒ වගේම තමයි ශක්ති හානිය අධික වීම, ඝෝශාව (noice) අධික ලෙස බලපෑම කියන දේවල් අවාසි විදිහට ගන්න පුලුවන්. මේ ඝෝශාව කියන්නෙ මොකක්ද කියල ඉස්සරහදි පැහැදිලි කරල දෙන්නම්.

*පරණ දුරකතන මාර්ග වල භාවිතා කරල තියෙන්නෙ මේ Open Wire.

02)Parallel Twin-Wire :-

*ප්ලාස්ටික් වලින් වැසුනු සමාන්තර පැතලි රැහැනක් විදිහට තමයි මේ Wire දැකගන්නට පුලුවන් වෙන්නෙ.

*මේ Wire එකේ දෙකෙලවරෙහි සන්නායක කම්බි පිහිටන අතර ඒවා අඟල් 0.3 ක පමන පරතරයකින් පිහිටලා තියනවා.

*මේ Wire වල ohms 300ක පමණ සම්බාධනයක් (impedance) පවතිනව.

*මේ Wires ලාභදායී වන එක වගේම සුනම්‍ය බවත් වාසි විදිහට දකින්න පුලුවන්.

*ඒ වගේම,
                   @අනතුරට භාජනය වීමේ හැකියාව වැඩි වීම.
                    @ලෝහමය ද්‍රව්‍ය අසලදී ශක්ති හානිය අධික වීම.
                    @ඉහල සංඛ්‍යාත සදහා සුදුසු නොවීම.
මේවාගේ අවාසි විදිහට දකින්නට පුලුවන්.

*පැරණි රූපවාහිනී ඇන්ටනා කේබල් විදිහට මේ Parallel Twin-Wire භාවිතා උනා.

03)සමාක්ෂ රැහැන් (Coaxial Cable) :-

*TV Antenna , CCTV Camera සදහා මේවා බොහෝදුරට යොදාගන්නවා.


*මේ Coaxial Cable භාවිතා කරල Analog Signal එකක් සම්ප්‍රේශනය කරනව නම් කිලෝමීටර් කීපයකට වරක් සංඤා වර්ධකයක් (Repeater) යොදාගන්න ඕනෙ. මේ ගැන ඉස්සරහදි තව විස්තර කරන්නම්.

*ඒත් ඔයා සම්ප්‍රේශනය කරන්නෙ Digital Signal එකක් නම් කිලෝමීටර් එකකට වරක් Repeater එකක් යොදාගන්න වෙනව.

*ඒ නිසා මේ Cable සුදුසු වෙන්නෙ දිගු දුරකට Analog Signal සම්ප්‍රේශනය කිරීමට.

*අනිත් නියමු මාධ්‍යත් එක්ක බලද්දී වැඩි කලාප පළලක් පවතිනව. (500MHz). මේ කළාප පළල එහෙමත් නැත්තන් Band Width එක ගැනත් ඉස්සරහදි කියන්නම්.

*මේ Coaxial Cable උපාංගයන්ට සම්බන්ධ කිරීම සදහා BNC සම්බන්ධක යොදා ගන්නව.

04)ඇඹරි කම්බි යුගල / සමාවෘත රැහැන් (Twisted Pair) :-

*එකට ඇඹරුනු කම්බි යුගල් 4ක් සහිත රැහැන් විදිහට මේවා දකින්නට පුලුවන්.

*දුරකථන මාර්ගවල, ගොඩනැගිලි අතර සම්ප්‍රේශන මාධ්‍ය විදිහට වගේම Computer Network සදහාද මේවා භාවිතා කරනව.

*මේවා මගින් Repeater සහිතව Analog Signal කිලෝමීටර් 5 - 6 පමණ දුරකට සම්ප්‍රේශනය කරන්නට පුලුවන්.

*Digital Signal නම් කිලෝමීටර් 2 - 3 පමණ දුරකට සම්ප්‍රේශනය කරන්නට පුලුවන්.

*සාපේක්ෂව අඩු කලාප පළලක් තමයි මේ Twisted Pair වලට තියෙන්නේ. (100MHz)

*මේවා මගින් දත්ත සම්ප්‍රේශනයේදී 10 - 100 Mbps පමණ වේගයක් පවතිනව.

*මෙම රැහැන් උපාංගයන්ට සම්බන්ධ කිරීම සදහා RJ45 සම්බන්ධක යොදා ගන්නවා.

*මේ Twisted Pair ප්‍රධාන ආකාර 2කින් දැකගන්නට පුලුවන්.
                         I)වැසුනු ඇඹරුනු කම්බි යුගල් (Shield Twisted Pair -STP)
                         II)නොවැසුනු ඇඹරුනු කම්බි යුගල් (Unshield Twisted Pair - UTP)

*STP රැහැන්වල බාහිර චුම්භක පරිවාරක ආවරණයක් පවතිනවා. එමගින් බාහිර චුම්භක ක්ෂේත්‍ර වලින් Signal එකට වෙන බලපෑම අවම කරනවා.

*UTP මගින් Repeater සහිතව 100m පමණ දුරකට දත්ත සම්ප්‍රේශනය කරන්නට පුලුවන්.
මේ UTP රැහැන් Category කීපයක් යටතෙම අපිට මිළදී ගන්න පුලුවන්. (CAT1, CAT2 ... CAT6 විදිහට) මේ ගැන Internet එකේ ටිකක් හොයල බලන්න. දත්ත සම්ප්‍රේශන වේගය ට්ගමයි මේ එක එක Category එක්ව්ව්දි වෙනස් වෙන්නෙ.

Fiber Optics ගැන වගේම නියමු නොවන මාධ්‍ය ගැනත් තොරතුරු ගොඩක් එක්ක ආයෙත් හමු වෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12