Skip to main content

Part 21 - Arduino Pro Mini


Arduino Pro Mini


Present by :- Yasas Sadeepa

ආඩුඊනෝ පාඩම් මාලාව මුල ඉදන් බලපු අය දකින්න ඇති අපි මෙච්චර දවසක් Arduino Uno බෝඩ් එකෙන් ගොඩක් වැඩ කලා.

ඔයා ආඩුඊනෝ වලින් ප්‍රොජෙක්ට් එකක් කරල කොහෙ හයි කරන්න ගියොත් ආඩුඊනෝ Uno බෝඩ් එකක් ඒ වෙනුවෙන් භාවිතා කරන එක අපරාදෙ නේද ?? ඉතින් මෙන්න ඒකට හොදම විසදුම Arduino Pro Mini. (2 රූපය ). 

මේ Arduino Pro Mini බෝඩ් එක ප්‍රමාණයෙන් කුඩා උනත් ලොකු වැඩ කරන්න පුලුවන් බෝඩ් එකක්. ආඩුඊනෝ Uno , Nano බෝඩ් වලට වඩා මිලෙනුත් අඩුයි වගේම භාවිතා කරන්නත් ඉතාමත් පහසුයි.

මේ ආඩුඊනෝ Pro Mini Board එක ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන්ම Pro Mini Board එක වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන්.

1) ATMEGA328 Microco prosessor එක  සහිත Board එක

2) ATMEGA168 Micro Processor එක සහිත Board එක විදිහට.

ඒ වගේම මේ බෝඩ් දෙක නැවත කොටස් දෙකකට බෙදන්න පුලුවන් 5v යටතේ ක්‍රියා කරන Board එක සහ 3.3v යටතේ ක්‍රියා කරන Board එක විදිහට. 

මෙන්න මේ Power variation එක නිසාම 5v Board එක 16MHz Speed එකකින් ක්‍රියා කරද්දී 3.3v Board එක ක්‍රියාත්මක වෙන්නෙ 8MHz Speed එකක් යටතේ.

Arduino Pro Mini Board එකෙත් Arduino Uno Board එකේදි වගේම Digital I/O Pins 14ක් දැකගන්න පුලුවන්. ඒ Digital Pin 14න් 6ක්ම PWM Pins විදිහට භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනව.  ඒ වගේම Analog Inputs 6කුත් මේ Pro Mini Board එකට තියනව.

32KB Flash memory එකක් මේ Arduino Pro Mini Board එකට තියනව. ඒ වගේම 2KB SRAM එකක් වගේම 1KB EEPROM එකකුත් මේ Pro Mini Board එක සතු වෙනව.

නමුත් මේ Arduino Pro Mini Board එක Uno Board එක වගේ කෙලින්ම Computer එකට Plug කරල Program කිරීමේ හැකියාවක් නම් නැහැ. මොකද අපි මේ බෝඩ් එක යොදා ගන්නෙ ස්ථීරවම යම් කිසි තැනක සවි කරන Project එකකට නිසා නැවත නැවත නිතර Program කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. අන්න ඒ හේතුව නිසා. Uno බෝඩ් එකක ආකාරයට USB Conecter එකක් මේ Pro Mini Board එකට නැහැ.

ඉතින් අපිට මේ Pro Mini Board එක Program කරගන්න නම් USB to Serial Converter එකක් හෝ Arduino Uno Board එකක් යොදාගෙන කරන්න පුලුවන්.

අපි බලමු Arduino Uno Board එකක් යොදාගෙන Pro Mini Board එක Program කරගන්නෙ කොහොමද කියල.

ඒ සදහා මුලින්ම Port එක සහ Board එක විදිහට Arduino Uno බෝඩ් එක තෝරගෙන Uno Board එකට empty sketch එකක් Upload කරගන්න (4 රූපය ).


ඉන් පසුව 5 රූපයේ ආකාරයට Pro Mini Board එක සම්බන්ධ කරගැනීමෙන් පසුව Board එක Arduino Pro / Pro Mini යන්න තෝරාගන්න.

දැන් Blink example එක Upload කරන්න. ඔයාට බලාගන්න පුලුවන් ඔයාගෙ Pro Mini Board එකේ LED එක Blink වෙන ආකාරය.
ඇත්තටම ආඩුඊනෝ එදිනෙදා ජීවිතයේ විවිධ කාර්‍යන් වලට යොදා ගන්න අවස්තාවලදී ඔයාල හැමෝටම මේ Arduino Pro Mini බෝඩ් එක ගොඩක් වැදගත් වෙයි.

මම Arduino Pro Mini Board එක ගත්තෙ Sion Electronics එකෙන්. ඔයාටත් ඕනෙම ආඩුඊනෝ සම්බන්ධ බඩුවක් warranty එකක් එක්කම ගන්න පුලුවන්.


ඉතින් තව එක දෙයක් කියන්නම් මගෙන් ගොඩක් දෙනෙක් Comment වලින් වගේම inbox ඇවිල්ලත් අහල තිබ්බ කොළඹින් පිට ඉන්න අයට මේ Arduino Parts ගන්න තැනක් නැද්ද කියල.  ඉතින් මන් හිතුව මන් බඩු ගන්න තැන ගැන ඔයාලට කිව්ව නම් ඒක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි කියල.

"Scion Electronics"  ( සයන් ඉලෙක්ට්‍රොනික්ස් ) ඔයාලට Arduino සම්බන්ධ ඕනෙම item එකක් Warranty එකක් සහිතව ගන්න පුලුවන් මේ ශොප් එකෙන්. මාලබේ ස්ලිට් කැම්පස් එක ඉස්සරහ වගේම මොරටුව කැම්පස් එක ඉස්සරහත් මෙයාලගෙ shop තියනව. ඔයගොල්ලො පිට පලාතක ඉන්නව නම් ඔයාලට පුලුවන් ගෙදරටම මේ භාණ්ඩ ගෙන්න ගන්න. මෙයාලගෙ Web Site එකේ සියලුම Item ගැන විස්තර තියනව. ( http://scionelectronics.com/ ) වගකීමක් සහිතවම ඔයාලට ඕනෙ කරන Arduino Parts ගන්න පුලුවන්.


ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමිං Part 22 තුළින් නැවත හමු වෙමු.

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12