Skip to main content

Arduino Programming Basic Part 03


Arduino Data Types

Present by :- Yasas Sadeepa

විවිධ වර්ගවල Variables හෝ Functions declare කිරීමට අපි Data Types යොදා ගන්නව.

යම් Variable එකක් Save කිරීම සදහා මතකයෙන් ලබාගන්නා ඉඩ ප්‍රමාණය කොපමනද, Save කරන ලද bit pattern එක ආදිය තීරනය කරනු ලබන්නේ මේ Data types විසින්. ( variables සහ functions ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරි ලිපියකින් අරගෙන එන්නම්)

Arduino වලදී භාවිතා වන Data Types කීපයක් …



void :-
           මෙය අපි භාවිතා කරන්නේ functions වලදී පමණයි. Void යටතේ ලියන functions වලින් කිසිවක් return වෙන්නෙ නැහැ. ( මේ ගැන සම්පූර්ණ විස්තරයක් function ගැන කියන ලිපියෙන් අරගෙන එන්නම්)

void loop ( ) {
       // reset of the code
}

Boolean :-
                   Boolean කියන variable type එකට තියෙන්නේ values දෙකක් විතරයි. ඒ true සහ false කියන අගයන් දෙක. මේ අගයක් දෙක තව කිහිප විදියකටම දෙන්න පුළුවන්. 1 හෝ 0, HIGH හෝ LOW වුනත් පාවිච්චි කරන්න පුළුවන්. Boolean variable එකක් define කරද්දී boolean හෝ bool කියන වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. Digital Pin එකකින් එන reading එකක් store කරන්න ඕනෙ නම් අපිට මේ boolean කියන data type එක පාවිච්චි කරන්න පුළුවන්. Boolean එකකට ඕන වෙන්නේ 1 byte විතරයි.

boolean sample1 = true;
bool sample2 = 1;
bool sample3 = HIGH;


char :-
             char කියන්නේ Character එකක් සදහා යොදා ගන්න data type එකක්. Character එකක් කියන්නේ අපි type කරද්දී බාවිතා කරන එක සලකුණකට(symbol). ඔයාලගේ keyboard එකේ තියෙන හැම button එකක්ම character එකක්. ඒ හැම එකටම ආවේනික number එකක් තියෙනවා. මේවට කියන්නේ ASCII code කියල(American Standard Code for Information Interchange). මේ numbers 128ක් තියෙනවා. ඒ කියන්නේ char එකක් 0 සිට 127 වෙනකන් අගයක් ගන්න පුළුවන්.

අපි program එකේ char එකක් පාවිච්චි කරනවානම් ක්‍රම කීපයකට කරන්න පුළුවන්. එකක් තමා තනි වරහන් ඇතුලේ symbol එක ලියන එක. අනික ඒ symbol එකට අදාළ decimal code එක ලියන එක. char එකක් save කරන්න 1 byte memoryයක් ඕනෙ.

char sample1 = '$';  // '$' = 36
char sample2 = 103;  // 103 = 'g'

byte :-
            Byte එකක් කියන්නේ bit 8ක binary Number එකක්. Decimal වලින් ගත්තොත් 0 සිට 255 ද්ක්වා තියන Number එකක්. byte එකක් පාවිච්චි කරද්දී binary හෝ decimal ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්.

byte sample1 = 132; // This is in decimal format 

byte sample2 = B00001001; // This is in binary format, its 9 in decimal

මේකෙදි binary නම් මුලට B අකුර යොදා ගන්න ඕනෙ.


int :-
        මේක තමා අපි වැඩියෙන්ම භාවිතා කරන data type එක. Integer එකක්, පුර්ණ සංඛ්‍යාවක් පෙන්නන්න තමා int කියන data type එක පාවිච්චි වෙන්නේ. int එකක් කියන්නේ 16 bit (2 byte) number එකක්. මේකෙන් එක bit එකක් පාවිච්චි වෙන්නේ ධන(+), ඍන(-) ලකුණු කරගන්න. අනික් bit 15න් අංක 32768ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මුළු පරාසය -32768 සිට +32767 වෙනකන්.

මේකම අපිට පාවිච්චි කරන්න පුළුවන් unsigned int කියලත්. එතකොට වෙන්නේ ධන(+), ඍන(-) ලකුණු අයින් වෙන එක. ඒ කියන්නෙ ධන සංඛ්‍යා විතරයි. unsigned int එකක පරාසය 0 සිට 65,535 වෙනකන්.

int x = -268;
int y = 354;
unsigned int z = 458;

long :-
           අපිට integer එකක පරාසය වඩා වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය නම් long කියන data type එක පාවිච්චි කරන්න පුළුවන්. මේක 32 bit (4 byte) අංකයක්. ඒ කියන්නේ -2,147,483,648 ඉඳන් 2,147,483,647 වෙනකන් අගයක් දෙන්න පුළුවන්.

unsigned long කියල පාවිච්චි කලොත් unsigned int වගේම ඍන කොටස අයින් කරලා 0 ඉඳන් 4,294,967,295 වෙනකන් අගයක් දෙන්න පුළුවන්.

float / double :-
                          Arduino වලදී float සහ double කියන දෙකම පාවිච්චි වෙන්නේ දශම සංඛ්‍යා හඳුන්වන්න. මේවට පුළුවන් 32 bit (4 byte) අංකයක් මතක තබා ගන්න. මේකෙදි දශමස්ඨාන 7 කට පමණ නිවැරදි අගයක් ගන්න පුළුවන්. Arduino වල double වල අගයත් float වගේම තමයි. නමුත් සමහර language වල double අගයක් දශමස්ඨාන 15 කට පමණ නිවැරදියි. දශම සංක්‍යා හදුන්වද්දී එහි දශම අගයක් නැතිනම් අනිවාර්යයෙන්ම ‘.0’ පාවිච්චි කරන්න ඕනෙ.

float example1 = 1.2695;
double example2 = 256.0;



String :-
             අපිට අවශ්‍යනම් සම්පුර්ණ වචනයක් variable එකක් විදියට පාවිච්චි කරන්න, string කියන data type එක භාවිත කරන්න වෙනවා.

String sample1 = "Arduino Panyhiya";  // string as object

Arduino Basic තවත් කොටසක් එක්ක ආයෙත් හමු වෙමු.


Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12