Skip to main content

Programming Basic Part 01

Programming Basic - Part 01



Arduino ගැනම විතරක් මෙච්චර දවස් කතා කරපු අපි කතා කරපු නැති දෙයක් තමයි අපිට එන ගැටලුවක් හදුනාගෙන ඒ ගැටලුවට විසදුමක් විදිහට Program එකක් ලියාගන්නෙ කොහොමද කියල. ඒ සම්බන්ධව කියන ලිපි පෙලේ පළවෙනි ලිපිය තමයි මේ.....

ගැටලු විසදීම සදහා පරිගණක ක්‍රමලේඛණය

Computer එකක් කියන්නෙ සාමාන්‍ය electronic උපකරණයක්ම උනත් මේ computer එක ක්‍රියාත්මක වෙන්නෙ එයට බාහිරින් ලබා දෙන උපදෙස් වලට අනුව. ඒ නිසා මේ Computer එකට ලබා දෙන උපදෙස් වෙනස් කරල ඒ Computer එකෙන් එකිනෙක්ට වෙනස් කාර්‍යන් කරගන්නට පුලුවන්.

පරිග්ණකයක් යම් අරමුණක් කරා මෙහෙයවීම සදහා එයට අනුපිළිවලකට ලබා දෙන්නාවූ විධිමත් උපදෙස් සමූහයක් පරිගණක වැඩසටනක් වේ.

ඒ කියන්නෙ Computer එකෙන් යම් කිසි වැඩක් කරගැනීම සදහා ඒ Computer එකට ලබා දෙන උපදෙස් සමූහයකට තමයි අපි Software එකක් කියල කියන්නෙ.

ඉතින් මේ Software ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනව System Software සහ Application Software කියල.

මේ System Software නැවත වර්ග කරනව Operating System , Utility Software , Language Translator කියල.

මේ Language Translators ද වර්ග 3ක් තියනව. Assembler , Interpreter , Compiler කියල.

ඉතින් මේ දේවල් ටික නම් කිව්වෙ කට්ටියගෙම වැඩිපුර දැනගැනීම පිනිස ඈ. මේ ගැන සම්පූර්ණ පෝස්ට් එකක් කරන්නම් ඕනෙ නම්.

Computer එකක් යම් කිසි කාර්‍යක් කරන්නෙ අපි විසින් input කරන දත්ත අවශ්‍ය විදිහට සකස් කරල ( Process ), අදාල තොරතුරු ටික Output කිරීමෙනි.

Ex :-

සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම.

Input :- සංඛ්‍යා දෙක
Process :- එම සංඛ්‍යා දෙක එකතු කිරීම
Output :- එකතුව


විකල්ප විසදුම් සහ විසදුම් අවකාශ ( Alternative Solutions & Solution Space )

එක ගැටලුවක් සදහා විසදුම් එකකට වඩා වැඩි ගනනක් තියෙන්නට පුලුවන්. ඒවට අපි විකල්ප විසදුම් කියල කියනව.

Ex :-

සෘජුකෝණාස්‍රයක පරිමිතිය සෙවීම

Solution 01 :-

Input :- දිග (x) හා පළල (y)
Process :- පරිමිතිය (c) සෙවීම  c = x+x+y+y
Output :- c


Solution 02 :-

Input :- x,y
Process :- c = 2x + 2y
Output :- c


Solution 03 :-

Input :- x,y
Process :- c = 2(x+y)
Output :- c

මේ විදිහට ගැටලුවක් විසදගැනීමට අදාල සියලුම විසදුම් වලට එහි විසදුම් අවකාශය කියල අපි කියනව.


පරිගණකයක් ඇසුරින් ගැටලුවක් විසදීමේ අනුපිළිවල.

1. ගැටලුව විශ්ලේශනය.
2. ඇල්ගොරිතමය ගොඩනැගීම
3. ඇල්ගොරිතමයට අදාල පරිගනක වැඩසටහන (Computer Program ) ගොඩනැගීම.
4. ක්‍රමලේකයේ ඇති දෝශ හදුනා ගැනීම හා නිරාකරනය.
5. අදාල දත්ත මත ක්‍රමලේකය ක්‍රියාත්මක කිරීම.

1. ගැටලුව විශ්ලේශනය :-
                                     මෙහිදී ගැටලුවට අදාල Input , Process ,Output හදුනාගැනීම ප්‍රධාන වශයෙන්ම සිදු කරනව .

2. ඇල්ගොරිතමය ගොඩනැගීම :-
                                                    ගැටලුවක් විසදීමට අදාල සියලු පියවර අනුපිළිවලින් දැක්වීම ඇල්ගොරිතමයක් ලෙස හැදින්වේ.

Ex :- දෙන ලද සංඛ්‍යා දෙකකින් විශාල සංඛ්‍යාව පෙන්වීම.

* සංඛ්‍යා 2 ඇතුලත් කිරීම (x හා y)
* විශාල සංඛ්‍යාව සෙවීම (x > y නම්,
                                               a විශාල සංඛ්‍යාව ලෙස ප්‍රතිදානය වේ.
                                               නැත්නම්,
                                               b විශාල සංඛ්‍යාව ලෙස ප්‍රතිදානය වේ.



ඇල්ගොරිතම පාලන ව්‍යුහ ( Control Structure )

ඇල්ගොරිතමයක් ක්‍රියාත්මක වෙද්දී එය අවසානය දක්වාම පියවරෙන් පියවර ගමන් කිරීම හෝ යම් කිසි කොන්දේසි වලට අනුව පියවරයන් තීරනය කිරීම සිදු කරන්නට පුලුවන්. මේ විදිහට ඇල්ගොරිතමයක ගැලීම පාලනය කීරීමට ප්‍රධාන පාලන ව්‍යුහ 3ක් භාවිතා කරනව.

1. අනුක්‍රමය ( Sequence )
2. වරණය ( Selection )
3. පුනර්කරණය ( Iteration )

මේ එක එක පාලන ව්‍යුහ ගැන වගේම Flow Chart ගැනත් Post එකක් එක්ක ආයෙත් හම්බෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12