Skip to main content

Arduino Part 25


Arduino IR Counter


අද කියන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන. කීපදෙනෙක්ම මගෙන් Inbox ඇවිත් අහපු දෙයක් තමයි මේ. හැමෝටම දැනගන්න මේ විදිහට Post එකක් දාන්න හිතුවා.

අද අපි හදන්න යන්නේ IR Counter එකක්. ඒ කියන්නෙ Items Packing කරන Machine එකක Packing උන Items ගාන ගනන් කරගන්න පුලුවන් සහ එසේ ගනන් කල යුතු උපරිම සීමාවක් ලබා දෙන්න පුලුවන් නිර්මාණයක් ගැන. මේක හොදින් පැහැදිලි වෙන්න මේ Video එක බලන්න.


මේක උදාහරනෙකින්ම පැහැදිලි කරනව නම් ( මගෙන් එක්කෙනෙක් ප්‍රශ්නෙඅහපු විදිහම කියන්නම් ),

මට තියනව පොඩි පොඩි නිශ්පාදන කරන Factory එකක්. ඒ නිශ්පාදනය කරන Items බෙල්ට් එකක් දිගේ එලියට එනව. ඒ බෙල්ට් එක අවසානය ත්‍යෙන තැන වාහනයක් නවත්වලා ඒ Product වාහනයට පටවනව.
මට ඕනෙ ඒ Out වෙන Product ගාන ගනන් කරගන්න IR Sensor එකක් හරහා.ඒ වගේම එක දවසකට එහෙම Out වෙන්න ඕනෙ Product ගාන select කරන්න පුලුවන් වෙන්න ඕනෙ.

මෙන්න මේ අවශ්‍යතාව ඉටු කරගන්න පුලුවන් IR Counter එකක් හදාගන්න විදිහ තමයි අද මන් කියන්න යන්නෙ.

මේකට අපිට අවශ්‍ය වෙනවා,







IR Proximity Sensor Switch එක ගැන කිව්වොත් මේ Sensor එක ක්‍රියාත්මක වෙන්නෙ IR Sensor උපයෝගී කරගෙන. IR transmiter එක සහ Receiver එක කියන දෙකම මේ Sensor එකෙහි අන්තර්ගත වෙනව.


මෙම IR Proximity Sensor Switch එක මගින් 3cm සිට 80cm ක් දක්වා පමණ Range එකක් දක්වා ක්‍රියාත්මක වෙනව. මෙහි පිටුපස ඇති Screw එක කරකැවීම මගින් 3cm සිට 80cm දක්වා distance එක වෙනස් කරගැනීමට හැකියි. 5V යතේ ක්‍රියා කරනු ලබයි. ඒ වගේම Object එකක් Detect වූ විට මෙම Sensor එකෙහි පිටුපස ඇති LED Bulb එක දැල්වේ.

මෙම IR Sensor එකෙහි දුඹුරු, නිල් සහ කළු ලෙස wire 3ක් දැකගත හැකි වන අතර, Brown wire එක 5V Sensor එකට ලබා දීම සදහාද, Blue wire එක GND සම්බන්ධය ලබා දීම සදහාද, Black wire එක Sensor එකෙන් Signal Out කරගැනීම සදහාද භාවිතා වේ.

අපි මේකෙදි Count එක සහ අනෙකුත් විස්තර Display කිරීම සදහා 20*04 ප්‍රමාණයේ LCD Display එකක් භාවිතා කරනව. 


Display එක Arduino board එකත් සමග සම්බන්ධ කිරීම සදහා I2C Adapter එකක් භාවිතා කරනව.


මේකෙදි වෙන්නෙ මුලින්ම push button එකක් මගින් Max Count Level එක Select කරල Done Button එක Push කල පසුව IR Sensor එක ඉදිරියෙන් වස්තුවක් ගමන් කරන විට එය Count වෙනව. අපි කලින් Select කරපු Max count level එක Count උනාට පස්සෙ Display එකේ ඒ බව දැනුම් දෙනව. ඒ වගේම අනෙක් Push Button 2න් Count Down කිරීමට සහ Count එක Reset කිරීමේ හැකියාවක් තිබෙනවා. තවත් පැහැදිලි වෙන්න Video එක බලන්නකෝ.


දැන්  රූපයේ විදිහට IR Sensor Switch එක  Display එඅ සම්බන්ධ කරගෙන Push button ටික Digital Pin 8,9,10 කියන Pin වලට සම්බන්ධ කරගෙන පහල තියන Code එක Upload කරගන්න. 



මේ.Code වලට විශේශ Library මොකුත් නැති නිසා ඔයාලට තේරුම් ගන්න ගොඩක් පහසු වෙයි. Code එකේ Comment වලින් මම Code එක විස්තර කරල තියනව. නොතේරෙන තැනක් තිබුනොත් Comment Section එකේදි කියන්න.


ඒ වගේම මගෙ Blog එකත් බලාගෙන යන්න. මගෙ හැම Post එකක්ම එතනින් ඔයාලට බලාගන්න පුලුවන්.


ඒ වගේම තවත් දෙයක් කියන්නම්. ඔයාට ඕනෙම Arduino Component එකක් ලන්කාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ Slit Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ Shop තියනව. ඔයාට Warranty එකක් එක්කම Arduino Components ගන්න පුලුවන් එකම තැන Scion Electronic. ( scscionelectroni.com )

Arduino Programming Part 26 තුළින් නැවත හමු වෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12