Arduino මාලිමාව
අද අපි කතා කරන්න යන්නේ Arduino යොදාගෙන මාලිමාවක් හදාගන්න විදිහ ගැන. මේකෙදි අපි Arduino IDE එකට අමතරව Processing කියන Software එකත් භාවිතා කරනව.
ඉතින් මේ සදහා අපිට Honeywell HMC5983L කියන Chip එක Base වෙලා තියන GY-282 කියන Sensor Module එක භාවිතා කරන්න වෙනව.
ඔයාටත් මේ Module එක Scion Electronics එකෙන් Warranty එකක් එක්කම රු. 750ක් වගේ මුදලකට ලබාගන්න පුලුවන්.
මේ GY-282 Module එක Arduino Board එකත් එක්ක Communicate කරන්න I2C කියන Communication Method එක භාවිතා කරනව.
මේ Module එක භාවිතා කරද්දී Adafruit Library භාවිතා කරල ලේසියෙන්ම අපිට ඕනෙ දේ කරගන්න පුලුවන් උනත්... අපි අද බලමු Library නැතුව අපි කොහොමද මේ GY-282 Module එකත් එක්ක වැඩ කරගන්නෙ කොහොමද කියල.
ඉතින් අපිට මේක කරන්න ඕනෙ වෙනව,
1) Arduino Board එකක් :- http://scionelectronics.com/product/arduino-uno-ch340-smd-edition-with-cable/
2) GY-282 Module එකක් :- http://scionelectronics.com/product/gy-282-hmc5983-tri-axial-compass-module/
3) Jumper Wires
මීට අමතරව Processing Software එක ඕනෙ කරනවා. මේක අපිට අවශ්‍ය වෙන්නෙ අපේ Compass එකේ ක්‍රියාකාරීත්වය Graphical User Interface එකක් විදිහට පෙන්නා ගන්න.
Download Processing :- https://processing.org/download/
මේ GY-282 Module එකේ අපිට Pin 5 ක් දැකගන්නට පුලුවන්. පහළ රූපයේ Pin Out පැහැදිලි කරල තියනවා.
මේ Module එක පෘථිවියේ අක්ෂ 3ක Magnetic Field වලට Sensitive වෙනව. මේ අක්ෂ 3 X,Y,Z විදිහට මේකෙදි නම් කරනව. මෙන්න මේ Axis 3 ට අනුව තමයි මේකෙදි Position එක තීරණය කරන්නෙ.
පහළ රූපයේ තියන විදිහට GY-282 Module එක Arduino Board එකත් එක්ක Conect කරගන්න. මේකෙදි DRDY කියන Pin එක සම්බන්ධ වෙන්නෙ නැහැ.
දැන් පහල තියන File එක Download කරගෙන ඒකෙ තියන Code එක Upload කරගන්න. කෝඩ් එක කෝඩ් එකේ Comment වලින් විස්තර කරල තියනව. ගැටලුවක් තිබුනොත් Comment Section එකේදි කියන්න.
Download E-Compass File :- https://drive.google.com/folderview?id=1gseKqayrSGRYDY7ZrtnN4b36mpMXlIiL
ඊලගට මන් කලින් දැම්ම Link එකෙන් ගිහින් ඔයාගෙ OS එකට ගැලපෙන Processing Version එක Download කරගන්න.
මේ Processing Software එක භාවිතා කරල ඔයාගෙ Project එකකට ඔයාගෙම GUI එකක් හදාගන්න Code එකක් ලියන විදිහ තව දවසක කියල දෙන්නම්. කලින් Download කරපු File එකේ Processing Code එකත් තියනවා.
රූපයේ විදිහට GY-282 Module එක Arduino Board එකත් එක්ක සම්බන්ධ කරල Arduino Code එක Upload කරගෙන... ඊලගට Processing Cide එක Open කරගෙන Run Button එක Click කරන්න.
මේ Processing Code එකේ පොඩි වෙනස්කමක් කරන්න ඔයාලට සිද්ධ වෙන්ව. ඒ තමයි.. මේ Code එකේ 22 වන පේලියේ අපි Arduino Board එක සම්බන්ධ කරල තියන Port එක Select කරන්න ඕනෙ. මගෙ Arduino Board එකේ Port එක COM2 නිසා මන් COM2 කියල ලියල තියනවා. ඔයාට ගැලපෙන විදිහට වෙනස් කරගන්න.
දැන් ඔයාටත් ඔයාගෙම Electronic Compass එකක්..
ඒ වගේම තවත් දෙයක් කියන්නම්. ඔයාට ඕනෙම Arduino Component එකක් ලංකාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ SLIT Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ Shop තියනව. ඔයාට Warranty එකක් එක්කම අපි කතා කරපු GY-282 Module එක වගේම Arduino Uno Board එකත් වගකීමක් සහිතව මිළදීගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය කරන ඕනෙම Arduino Component එකක් වගකීමක් එක්කම ගන්න පුලුවන් එකම තැන Scion Electronics (scionelectronics.com)
Ela
ReplyDelete